Tuesday 10 September 2013

සිසුවියෝ 65ක් හා සිසුන් 7ක් රාත්‍රිය පන්ති කාමරවල ගත කරයි


high-school-prom-nightපුලතිසිපුර අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන සිසුවියන් 65 දෙනකුට හා සිසුන් 7 දෙනකුට නේවාසිකාගාර පහසුකම් ලබානොදීම හේතුවෙන් ඔවුන් අනාරක්ෂිතව පන්ති කාමරවල රාත්‍රිය ගත කරන බව පවසන ලංකා ගුරු සේවා සංගමය ආරක්ෂාව තහවුරු වන පරිදි එම සිසු සිසුවියන්ට නේවාසික පහසුකම් ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

එම විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන සිසුන්ට ප්‍රමාණවත් නේවාසික පහසුකම් දිගින් දිගටම නොලැබීමත් ඒ පිළිබඳව පීඨ පරිපාලනය හෝ අධ්‍යාපන අමාත්‍යංශය අවධානය නොකිරීමත් කනගාටුදායක යැයි පවසන ලංකා ගුරු සේවා සංගමය සිසුන් බඳවා ගැනීමේදී පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු නොකිරීමෙන් එම ගැටලුව වර්ධනය වී ඇතැයි පවසයි.
ක්ෂිතිජයෙන් එහා දැකිය හැකි දරුවන් බිහි කිරීමට කටයුතු කරන ආණ්ඩුවක් දරුවන්ගේ අධ්‍යාපනයට ඍජුවම වගකීමෙන් කටයුතු කරන ගුරුවරුන් බිහිකරන අධ්‍යාපන ආයතනයක, ඔවුන්ගේ මූලික ගැටලුවක් වන නේවාසික ප්‍රශ්නය කඩිනමින් විසඳිය යුතු යැයි එම සංගමය අවධාරණය කරයි.
(mawbima)


 

No comments:

Post a Comment