Thursday 5 September 2013

නාමල් රාජපක්ෂ නෙළුම් කුළුනෙන් තවත් ලක්ෂ 66500 ක් කොමිස් ගිලලා..!

 නාමල් රාජපක්ෂ නෙළුම් කුළුනෙන් තවත් ලක්ෂ 66500 ක් කොමිස් ගිලලා..!-----

(ලංකා ඊ නිව්ස් -2013.සැප්.05, ප.ව.9.00) කොළඹ ඩී.ආර්.විෙජ්වර්ධන මාවතේ බේරේ වැවට යාබදව හෙක්ටයාර 3 ක පමණ භූමිභාගයක ඉදිකෙරෙන නෙළුම් කුළුන හෙවත් ලෝටස් ටවර් නම් මීටර් 350 ක් උසැති සන්නිවේදන කුළුනේ ව්‍යාපෘතිය ලබා ගැනීම වෙනුවෙන් චීන සමාගමක් නාමල් රාජපක්ෂ වෙත ඩොලර් මිලියන 50ක් හෙවත් රුපියල් ලක්ෂ 66,500 ක කොමිස් මුදලක් ගෙවා ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.

මෙම මුදල ගෙවා ඇත්තේ චයිනා ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් හෙවත් සී.ඊ.අයි.ඊ.සී නම් සමාගම විසිනි. එම සමාගමේ සභාපති චෙන් ෂූ විසින් මේ බව හෙළි කර ඇත්තේ තවත් චීන-ශ්‍රීලංකා සමාගමක සභාපතිවරයෙකු සමග මැලේසියාවේදී පැවැති සාකච්ඡාවකදී ය. ලෝටස් ව්‍යාපෘතිය ලබා ගැනීමේදී කොමිස් මුදලක් වශයෙන් ඩොලර් මිලියන 50 ක් හොං කොං හි පිහිටි බැංකුවක නාමල්ගේ ගිණුමක තැන්පත් කරන ලද බව චෙන් ෂූ විසින් හෙළිකර තිබේ. 

ව්‍යාපාරිකයෙකු වශයෙන් බිස්නස් එකක් ලබා ගැනීමට කොමිස් මුදල් ගෙවීමට තමා පසුබට නොවන නමුත් මේ තරම් කොමිස් මුදල් ලබාගෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව කවදා ගොඩ යන්නදැයි හෙතෙම ප්‍රශ්න කර තිබේ.

නෙළුම් පොකුණ ව්‍යාපෘතිය ඩොලර් මිලියන 104 ක වියදමකින් ඉදිකරන අතර එම මුදල සම්පූර්ණයෙන්ම චීන එක්සිම් බැංකුවෙන් ලබා ගන්නා ණයක් මත ඉදිකරන්නකි. ඉදිකිරීම් සහ ඉදිකිරීමෙන් පසු මෙහෙයවීම් සිදුකරන්නේ ඉහත කී චීන සමාගම විසිනි. වසර ගණනාවක් යන තුරු කුළුනේ අයිතිය චීනය සතුය. ලබාගන්නා ණය ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් ගෙවිය යුතුය. ආණ්ඩුව නම් කියන්නේ වසර 07 කින් ණය ගෙවා අහවර කළ හැකි බව නමුත් එය විශ්වාස කළ හැක්කක් නොවේ. 2012 ජනවාරියේදී මෙම කුළුනේ ඉදිකිරීම් ආරම්භ වූ අතර 2015 දී අවසන් කිරීමට බලාපොරොත්තු වේ. ඉන්පසුව දුරකථන, ටීවී. ගුවන් විදුලි ආදී සියළු තරංග සම්ප්‍රේෂන සිදුකරන්නේ මෙම කුළුන මගිනි. කුළුනේ මැද කැරකෙන අවන්හලක් ඉදිරෙන අතර එහි අමුත්තන් 1000 කට එකවර පහසුකම් සැපයිය හැකිය.

කුළුන ඉදිකිරීමෙන් පසු පළමුවෙන්ම නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය එහිදී ගැනීමට බලාපොරොත්තු වන බව මැදමූලන පවුලේ ආරංචි මාර්ග පවසයි.

නාමල් රාජපක්ෂ විසින් ඉන්දියානු ක්‍රිස් සමාගමෙන්ද ලක්ෂ 5300 ක් කොමිස් කෑ බව පසුගියදා හෙළිවිය. 
කොළඹ ඩී.ආර්.විෙජ්වර්ධන මාවතේ බේරේ වැවට යාබදව හෙක්ටයාර 3 ක පමණ භූමිභාගයක ඉදිකෙරෙන නෙළුම් කුළුන හෙවත් ලෝටස් ටවර් නම් මීටර් 350 ක් උසැති සන්නිවේදන කුළුනේ ව්‍යාපෘතිය ලබා ගැනීම වෙනුවෙන් චීන සමාගමක් නාමල් රාජපක්ෂ වෙත ඩොලර් මිලියන 50ක් හෙවත් රුපියල් ලක්ෂ 66,500 ක කොමිස් මුදලක් ගෙවා ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.

මෙම මුදල ගෙවා ඇත්තේ චයිනා ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් හෙවත් සී.ඊ.අයි.ඊ.සී නම් සමාගම විසිනි. එම සමාගමේ සභාපති චෙන් ෂූ විසින් මේ බව හෙළි කර ඇත්තේ තවත් චීන-ශ්‍රීලංකා සමාගමක සභාපතිවරයෙකු සමග මැලේසියාවේදී පැවැති සාකච්ඡාවකදී ය. ලෝටස් ව්‍යාපෘතිය ලබා ගැනීමේදී කොමිස් මුදලක් වශයෙන් ඩොලර් මිලියන 50 ක් හොං කොං හි පිහිටි බැංකුවක නාමල්ගේ ගිණුමක තැන්පත් කරන ලද බව චෙන් ෂූ විසින් හෙළිකර තිබේ.


ව්‍යාපාරිකයෙකු වශයෙන් බිස්නස් එකක් ලබා ගැනීමට කොමිස් මුදල් ගෙවීමට තමා පසුබට නොවන නමුත් මේ තරම් කොමිස් මුදල් ලබාගෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව කවදා ගොඩ යන්නදැයි හෙතෙම ප්‍රශ්න කර තිබේ.


නෙළුම් පොකුණ ව්‍යාපෘතිය ඩොලර් මිලියන 104 ක වියදමකින් ඉදිකරන අතර එම මුදල සම්පූර්ණයෙන්ම චීන එක්සිම් බැංකුවෙන් ලබා ගන්නා ණයක් මත ඉදිකරන්නකි. ඉදිකිරීම් සහ ඉදිකිරීමෙන් පසු මෙහෙයවීම් සිදුකරන්නේ ඉහත කී චීන සමාගම විසිනි. වසර ගණනාවක් යන තුරු කුළුනේ අයිතිය චීනය සතුය. ලබාගන්නා ණය ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් ගෙවිය යුතුය. ආණ්ඩුව නම් කියන්නේ වසර 07 කින් ණය ගෙවා අහවර කළ හැකි බව නමුත් එය විශ්වාස කළ හැක්කක් නොවේ. 2012 ජනවාරියේදී මෙම කුළුනේ ඉදිකිරීම් ආරම්භ වූ අතර 2015 දී අවසන් කිරීමට බලාපොරොත්තු වේ. ඉන්පසුව දුරකථන, ටීවී. ගුවන් විදුලි ආදී සියළු තරංග සම්ප්‍රේෂන සිදුකරන්නේ මෙම කුළුන මගිනි. කුළුනේ මැද කැරකෙන අවන්හලක් ඉදිරෙන අතර එහි අමුත්තන් 1000 කට එකවර පහසුකම් සැපයිය හැකිය.


කුළුන ඉදිකිරීමෙන් පසු පළමුවෙන්ම නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය එහිදී ගැනීමට බලාපොරොත්තු වන බව මැදමූලන පවුලේ ආරංචි මාර්ග පවසයි.


නාමල් රාජපක්ෂ විසින් ඉන්දියානු ක්‍රිස් සමාගමෙන්ද ලක්ෂ 5300 ක් කොමිස් කෑ බව පසුගියදා හෙළිවිය.

No comments:

Post a Comment