Wednesday 25 September 2013

විග්නේශ්වරම්ට පෙට්‍රල් වෙනුවට ඩීසල්


 vigneshwarnපසුගියදා පැවති පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාතේ වැඩිම මනාප ගත් දෙමළ සන්ධාන මහ ඇමහි අපේක්ෂක සී. වී. විග්නේෂ්වරන් ගමන් ගත් රථයට වැරදිමකින් පෙට‍්‍රල් වෙනුවට ඞීසල් යෙදීම නිසා සිදුවූ ඇබැද්දියක් වවුනියාවෙන් වාර්තා වේ.
විග්නේෂ්වරන් මැතිවරණ කටයුතු අවසන් වීමෙන් පසුව කොළඹ පිහිටි නිවස බලා යාපනයෙන් පිටත්ව එන අතරමග න්‍වුනියාවේදී ඉන්ධන ලබාගැනීම සදහා නතර කර ඇත.
ඉන්ධන ටැංකියට යෙදිය යුත්තේ පෙට‍්‍රල් වුවද රියදුරු රථය නතර කර ඇත්තේ ඞීසල් පොම්පය අසලය.  ෆුල් ටෑන්ක් ගහන්න යැයි කියූ සැණින් පොම්පකරු ඞීසල් ගසා ඇති අතර රථයට අවශ්‍ය පෙට‍්‍රල් වුවද දැන් ගසන්නේ ඞීසල් යැයි විග්නේෂ්වරන් ට වැටහී ඇත්තේ සැලකිය යුතු  ඞීසල් ප‍්‍රමාණයක් ගැසීමෙන් පසුවය.
අනතුරුව සිද්ධිය පොලීසියට දැනුම් දීමෙන් පසුව වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය විමසා මෝටර් රථ කාර්මිකයෙකු ගෙන්වා ඞීසල් ඉවත් කර ටැංකිය පිරිසිදු කර නැවත පෙට‍්‍රල් ගසා විග්නේෂ්වරන්ට යෑමට අවශ්‍ය පහසුමක් සලසා තිබේ.

No comments:

Post a Comment