Thursday 26 September 2013

අගමැතිගෙන් එළියට පැන්න ආණ්ඩුවේ අර්බුදය

DM mahinda 26-09-13වැඩිම මනාප ගත් පමණින් මහ ඇමැති කම් දෙන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට පෙර දෙවතාවකදීම අවධාරණය කිරීමත්,  වයඹ සහ මධ්‍යම පලාත් දෙකේම වැඩිම මනාප ගත් දෙදෙනාගේම පසුපස බලවේගය මැදමූලන රාජපක්ෂලාගේ ආශිර්වාදය නොලැබූ ශ්‍රීලනිපයේ රාජපක්ෂවරුන්ට එරෙහි ජ්‍යෙෂ්ඨයන්ගේ කණ්ඩායම් වීමත් නිසා මහ ඇමැති ධූර සම්බන්ධයෙන් 'රාජපක්ෂ රෙජීමය'  තුල බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබේ.
වයඹ වැඩිම මනාපලාභියා නීතිඥ දයාසිරි ජයසේකර වූ අතර මධ්‍යම වැඩිම මනාපලාභියා අගමැති පුත් නීතිඥ අනුරාධ ජයරත්න ය.
අර්බුද කතා කනින් කොන, තුඩින් තුඩ රැව් දුන්නද මෙය එළියටම පැන්නේ අගමැති මාධ්‍ය ලේකම් වරයා විසින් ඊයේ (25)  නිකුත් කළ නිවේදනයක් නිසා ය.

එහිදී අගමැති දිමු පවසා ඇත්තේ '' වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක ධූරයෙන් පිදුම් ලත් චමල් රාජපක්ෂ මැතිතුමාගේ පුත්‍රරත්නය, ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් කළා නම්''  තම පුත්‍රයාද මහ ඇමැති ධූරයට සුදුසු බවයි.

අනුරාධ ජයරත්නට මහ ඇමැති කම නොදී මෙවර මැතිවරණයෙන් දෙවැනි තැනට පත් හිටපු මහ ඇමැති වරයා වූ සරත් ඒකනායකටම යළි මහ ඇමැති කම දීමට රාජපක්ෂවරුන් සූදානම් වන බවට රාවයක් පැතිර ගියේ ය. ඊට හේතු ලෙස දක්වා සිටියේ අනුරාධ ජයරත්නට පළපුරුද්දක් නොමැති බවයි.

එදා චමල්ගේ පුතා ශෂීන්ද්‍ර රාජපක්ෂට මහ ඇමැති කම දෙද්දී ඔහුට තිබුනේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ධූරය දැරීමේ පළපුරුද්ද පමණි. අගමැතිවරයාගේ ඊයේ  නිවේදනයෙන් මේ බව මතක් කර දී ඇත්තේ මෙලෙසය.
'' අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කටයුතු හසුරුවමින්, නීතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා, රාජ්‍ය තාන්ත්‍රික හා ආයෝජන මට්ටමින් මෙරටට විශාල වැඩකොටසක් සිදු කර තිබේ''.  ඉන් කියා සිටින්නේ ශෂීන්ද්‍රට මහ ඇමැති කම දෙද්දී අගමැති පෞද්ගලික ලේකම් ධූරයේ අත්දැකීම ප්‍රමාණවත් වූවා නම්,  මගේ පුතාටත් අගමැති පෞද්ගලික ලේකම් ධූරයේ අත්දැකීම ප්‍රමාණවත් බවයි. අනුරාධ ජයරත්න නීතිඥයෙකු වුවද ශෂීන්ද්‍රට එවැනි සුදුසුකමක් නොතිබිණ.
දිමු යනු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් නියෝජනය කරන්නෙකි. රාජපක්ෂලාට එරෙහිව දිමු කෙළ බිඳක් නොහෙලූවද රාජපක්ෂලාගේ අති මහත් දූෂනයට, මිනීමරු පාලනයට, පවුල්වාදයට, පක්ෂපාතී පුද්ගලයෙක් ද නොවේ. අනෙක් අතට දිමුගේ දුව විවාහ වූයේ අනුරාධපුරයේ බර්ටි ප්‍රේමලාල්ගේ පුතා සමගය. දිමු - බර්ටි දෙමස්සිනාලා ය. බර්ටි ඍජුවම ඉන්නේ රාජපක්ෂ පවුල්වාදයට එරෙහි පිලේය. ඔහුට උතුරු මැද මහ ඇමැති ධූරය නොදුන්නේ ද ඔහු රාජපක්ෂවරුන්ට විරුද්ධ නිසා ය.

දිමුගේ පුතාට මධ්‍යම මහ ඇමැති ධූරය දෙනවා කියන්නේ රාජපක්ෂ පවුල්වාදයට එරෙහි ශ්‍රීලනිප පිළ ශක්තිමත් වීමකි. එය රාජපක්ෂවරුන්ට රුස්සන්නක් නොවේ. මෙහිදී දිමු ගේ පුතාට වඩා රාජපක්ෂලාට වඩා ලෙන්ගතු පුද්ගලයා සරත් ඒකනායක ය.

මැතිවරණය කාලයේදී ග්‍රීස් කන්ටේනරයක ගෙනා කුඩු තොගය සම්බන්ධයෙන් අගමැතිවරයාව පටලවා ඔහුගේ පුතාව පැටලැවීමට රාජපක්ෂලා විසින් විශාල උත්සාහයක් ගත්තේ ද මේ කාරණාව නිසාම ය. ඒ වෙනුවෙන් තම සට්ටැඹියෙක් වූ මාලි පියසේන නම් රේගු නිලධාරියා ලවා අගමැති දුන්නා කියා ලිපි දෙකක්ද ප්‍රසිද්ධ කෙරෙව්වේ ය.

 එහිදී මත්ද්‍රව්‍ය නාශක අංශයට ප්‍රශ්නයක් වූයේ එවැනි ලිපි රේගුව සතුව තිබුනා නම් ඒවා පරීක‍ෂන සඳහා තමන්ට නොදී ප්‍රසිද්ධ කෙළේ ඇයිද? යන්නයි. දුන්නා නම් එම ලිපි අගමැතිගෙන් ගැනීමට ආ අය කව්ද යන්න රහසේම සෙවීමට හැකියාව තිබිණ. එය කුඩු ගෙන්වූ සැබෑ පුද්ගලයන් කව්දැයි සෙවීමට තල්ලූවකි. නමුත් රාජපක්ෂලාට එවැන්නක් අවශ්‍ය නොවීය. එය රාජපක්ෂලාගේ සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක් විය. දිමුගේ පුතා කුඩු කේස් එකකට ගාවා එවැනි චෝදනාවක් තිඛෙන නිසා මහ ඇමැති ධූරය දිය නොහැකි යයි කීමට රාජපක්ෂලාට එවිට හැකියාවක් ලැබේ. නමුත් එය රාජපක්ෂලා සිතූ තරම් සාර්ථක වූවාද යන්න සැක සහිතය. මන්ද යත් දිමුගේ වැරදි සියයක් ඇතත් ඔහු කුඩු ගෙන්වනවා යැයි ඔහුගේ සතුරා පවා විශ්වාස නොකරන බැවිනි.

වයඹ දයාසිරි සම්බන්ධයෙන්ද මෙවැනිම ප්‍රශ්නයක් පවතින්නේ ඡන්ද ජොකියා ලෙස දයාසිරිව කෝටි ගණනකට මිලදී ගත්තද රාජපක්ෂවරුන් මැතිවරණයේදී සම්පූර්ණ සහාය දුන්නේ ජොන්ස්ටන්ගේ පුතාට වීමෙනි. ඊට හේතුව නම් .......ගේ කොමිස් මුදල ජොනී විසින් සතයට බේරන නිසාය. රාජපක්ෂලාට ඊට වඩා තවත් දෙයක් නැත. ඊට හොඳම උදාහරණය නම් පසුගිය මහ මැතිවරණය අවස්ථාවේදී අනුර ප්‍රියදර්ශනට මාධ්‍ය ඇමැති ධූරය තිබීම කුරුණෑගල ඡන්දයේදී තමාට අවාසියයි ජොනී,  ජනාධිපතිවරයාට  කී පසු මරා විසින් අනුර ප්‍රියදර්ශනගේ මාධ්‍ය ඇමැති ධූරය ඉවත් කර ඔහුට පරිසර ඇමැති ධූරය දුන්නේ ය. ජනාධිපති එතරම්ම ජොනීට අවනත ය. හේතුව ......  සතයට ......දෙන නිසාය.

මේ දෙකේදීම රාජපක්ෂවරුන්ට ඇති ප්‍රශ්නය මේ දෙදෙනාගේම ජයග්‍රහණයට හේතු වන්නේ ශ්‍රීලනිපය තුල වර්ධනය වී මෝරා ගියද තවම පුපුරා ගොස් නැති රාජපක්ෂ විරෝධයේ සංඛේත ලෙස මේ දෙදෙනාටම වැඩිම මනාප ලැබීමයි.

රාජපක්ෂලා ජොනීගේ පුත්‍රයාට ඍජුවම උදව් කරද්දී දයාසිරිට කුරුණෑගලදී උදව් කළේ සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුල්වාදයට විරුද්ධ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ය. ජයරත්න හේරත්, නාවින්න, අතුල විජේසිංහ, අනුර ප්‍රියදර්ශන, ආදී දිස්ත්‍රික්කයේ රාජපක්ෂ පවුල්වාදයට එරෙහි සංවිධායකයන් 13 දෙනෙක් දයාසිරිව කරේ තබාගෙන ගියහ.

ජයරත්න හේරත්ගේ පුත්‍රයාද ඡන්දය ඉල්ලද්දී ජොනී-දයා තරඟය තියුණු වීමත් සමග ජයරත්න හේරත් ප්‍රසිද්ධියේම කීවේ තමාගේ පුතාට මනාපයක් නොදුන්නත් දයාසිරිට මනාපයක් දෙන ලෙසය. අවසානයේ ඔවුන් තමන්ගේම ආණ්ඩුවේ මැතිවරණ කෙරුවාවට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් ද තැබුවේ ය.

මේ නිසා දයාසිරිට මහ ඇමැති ධූරය දුන්නහොත් එය රාජපක්ෂ පවුල් වාදයට එරෙහි ශ්‍රීලනිප පිල ශක්තිමත් කිරීමක් වනවා නොඅනුමාන ය. නමුත් නොදීමද අර්බුදයක් ඇති කරන්නකි. මේ තරම් මනාප ප්‍රමාණයක් ලබාගෙනත් ඔහුට මහ ඇමැතිකම නොදුනහොත් එයද අර්බුදයක් ජනිත කිරීම අනිවාර්යයකි.

රාජපක්ෂලා ගණන් හදන්නේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට හෝ පාක්ෂිකයන්ට හෝ ජනතාවට හෝ අවශ්‍ය ආකාරයට නොවේ. ඔවුන් ගණන් හදන්නේ නාමල් රාජපක්ෂගේ අනාගතයට අවශ්‍ය ආකාරයට ය. වයඹ සහ මධ්‍යම මහ ඇමැති ධූර සම්බන්ධයෙන් ආණ්ඩුව තුල ඇති අර්බුදය ගමන් කරන්නේ ඒ මග ඔස්සේ ය. එය සමනය වේද? වර්ධනය වේද? යන්න ඉදිරියේදී බලා ගත යුතුය.

උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්

No comments:

Post a Comment