Tuesday 10 September 2013

තැන්පතු කරුවන් ප්‍රවේශමෙන් ... කඩා වැටෙන මූල්‍යායතන පොලිමක් !


lost-financ-com
මහ බැංකුවේ අනුමත එහෙත් මූල්‍ය අස්ථාවරත්වයේ පවතින මූල්‍ය සමාගම් කිහිපයක් පවතින බව වාර්තාවේ. මේ බව හෙළිදරව් කරනු ලැබූවේ මේ වන විට කඩා වැටීමට මුහුණ පා තිබෙන සී.අයි.එෆ්.එල් සමාගමෙ මුදල් තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපති නීතිඥ පියසේන වීරසිංහයි.

ඔහු සදහන් කරන පරිදි තැන්පතු කරුවන් තම ෆිනෑන්ස් සමාගමට අද්දවා ගැනීම සදහා සුවිශාල පොලී අනුපාතයන් මවා පෙන්වා වෙළද දැන්වීම් දමා තිබෙන මෙම ආයතනවල අභ්‍යන්තරය පුස් බවයි.
එබැවින් ගණුදෙනු කරුවන් මුදල් තැන්පත් කිරීමේදී මෙතෙක් සලකා බැලූ මහ බැංකුවේ අනුමත වීමම ප්‍රමාණවත් නොවන බව අවධාරණය කර සිටියේය.

එසේම මහ බැංකුව දැන්වීම් දමා අදාළ මූල්‍ය ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි වූ පමණින් තැන්පතු කරුවන්ට මුදල් හෝ පොලිය ගෙවීම් සම්බන්ධයෙන් වගකීමක් නොමැති බව පවසා ඇති බවද හේ වැඩිදුරටත් සදහන් කර සිටියේය. නීතිඥ වීරසිංහට අනුව අස්ථාවරත්වයට පත්ව ඇති මූල්‍ය සමාගම් ප්‍රමාණය 10-12ත් අතර වන බව පැවසීය.

No comments:

Post a Comment