Monday 9 September 2013

අමාත්‍ය ඩිලාන් පෙරේරාට නොතීසි!

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට ලබන 23 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය (09දා) නොතීසි නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණයේ විනිසුරු එස්. ස්කන්ධරාජා මහතා හා මාලනි ගුණරත්න යන අය විසින් මෙම නියෝගය අද නිකුත් කළ බව අධිකරණ වාර්තාකරු පැවසීය.

විදේශ රැකියා බලපත්‍ර ලාභි නියෝජිත ආයතනයක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණ.

එම පෙත්සමේ සඳහන් වුයේ පෙත්සම්කාර සංගමය අරාබි රටවල ගෘහසේවය ඇතුළු නොයෙකුත් අංශවල සේවයට සේවකයින් සැපයීමට විවිධ ගිවිසුම්වලට එළඹ ඇති බවයි.

එහෙත් විෂයභාර ඇමතිවරයා මෑතකදී විදේශ රැකියා සඳහා සකස් කර ඇති ප්‍රතිපත්තියට අනූව විදේශ රැකියා සඳහා ගෘහසේවිකාවන් යැවීම ඉතාම අඩු මට්ටමකට දමා නිපුණත්වය ඇතුව පුද්ගලයින් විදේශ රැකියාවලට යැවීමේ ප්‍රතිපත්තියක් සකස් කර ඇති බවත් එම ප්‍රතිපත්තිය නිසා ගෘහ සේවිකාවන් වශයෙන් කතුන් යැවීම අඩු මට්ටමක පැවතීමත් එසේම විදේශයන්ගේ ගෘහසේවිකාවන් වශයෙන් රැකියා බලාපොරොත්තු වන්නන්ටත් අගතියක් සිදුව ඇති බවත් එම පෙත්සම මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව ඇමතිවරයාගේ නව ප්‍රතිපත්තිය රීට් ආඥාවක් මගින් අහෝසි කරන්නැයි එම විදේශ රැකියා නි‍යෝජිත ආයතනය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය ඇමතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට ලබන 23දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.

No comments:

Post a Comment