Tuesday 24 September 2013

පුදනකොටම කාපි යකා.........., ජෙනරාල්ටත් දේශපලානය කරන්න දෙමු.

 
තම මනාප සොරකම් කළ බවට චෝදනා කරමින් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මධ්‍යම පළාත් සභාවට තරග කළ අපේක්ෂකයකු වන දේශීය වෛද්‍ය හේරත් බණ්ඩාර මහතා තුල්කොට්ටේ මැටිඅම්බලමේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානය ඉදිරිපිට අද (24) උපවාසයක නිරත වී තිබේ.

ඒ මහතා කුන්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයෙන් එම පළාත් සභාවට තරග කළ අයෙකු වන අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රතිඵලයක් ලැබුවේද අංක 03 යටතේ වෛද්‍ය හේරත් බණ්ඩාර මහතා තරඟ කළ එම ආසනයෙනි.

ඔහු සමග ඔහුගේ දරුවන් තිදෙනාද එම ස්ථානයට පැමිණ සිටියහ.

මෙහිදී හේරත් බණ්ඩාර මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසූවේ "මට වුනේ ලොකු අසාධාරණයක්. මම මේක ගැන හැම කෙනාටම කිව්වා. නායකතුමාට දුරකථන ඇමතුම් ගණනාවක් ගත්තත් ඔහු මගෙත් එක්ක කතාකළේ නැහැ. කතාකරන්න ඕනා කියලා මම ප්‍රධාන කාර්යාලයට ඇමතුම් ගත්තත් මට පිළිතුරක් ලැබුනේ නැහැ. එතන හිටපු ප්‍රධාන ලේකම් මට කිව්ව තොට පුලුවන් දෙයක් කරපිය. කියලා. තව කෙනෙක් කිව්වා අපිට කරන්න දෙයක් නැහැ ඔයා නඩු දාන්න කියලා. මම කිව්වා උදේ වෙනකොට මට පිළිතුරක් නොදුන්නොත් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මම උපවාසයක් කරනවා කියලා. එතකොට ප්‍රධාන ලේකම් තුමා මට කිව්වා තට ප්‍රලුවන් නම් උපවාසයක් කරපිය. තොගෙ අඩු කඩනවා කියලා. මම අහන්නේ මේකද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය?. මහනුවර දිස්ත්‍රික්කයෙන්ම මගේ ආසනේ විතරයි වැඩිම ඡන්ද. මේ ‍ගොල්ලො මගේ මනාප හොරකම්කරගෙන. ඇයි මට සාධාරණයක් ඉටුකරන්න බැරි?."

No comments:

Post a Comment