Thursday 5 September 2013

දයා ගමගේට එරෙහි නඩුව විසි වේ

 

අම්පාර නගරයේ අනවසර ඉඳි කිරීමක් කළැයි නාගරික සංවර්ධන අධිකාරීය දයා ඇපරල් ආයතනයට එරෙහිව පවරා තිබු නඩුවේ පැමිණිල්ල අම්පාර අතිරේක මහෙස්ත්‍රාත් ස්ටෙලා ප්‍රිම්කි මහත්මිය (05දා) නිශ්ප්‍රභ කළාය.පැමිණිල්ල නිසි පරිදි ඉදිරිපත් නොකීරීම ඊට හේතුවයි.

අම්පාර බස්නැවතුම්පොළ ඉදිරිපිට ප්‍රදේශයේ පිහිටි දයා ඇපරල් ආයතනය විසින් අනවසර ඉදි කිරීමක් කළැයි සභාපති දයා ගමගේ මහතාට හා එහි අධ්‍යක්ෂිකා පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

No comments:

Post a Comment