Tuesday 24 September 2013

මහින්ද දේශප්‍රියගේ සාධාරණ ඡන්දයේ දිග පළල පුත්තලමේ ඇන්ඩෘෘ විදුහලින් මතුවේ-

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ සාධාරණ ඡන්දයේ දිග පළල පුත්තලමෙන් මතු වී තිබේ. පුත්තලම, ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ තිබුණු ඡන්ද පත්‍රිකා ගෝනි දෙකක් එම පාසලේ මුල්ලක තිබී අද සොයාගෙන තිබේ.

මේවා ඡන්දය සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා තොගයකි.

මැතිවරණ කොමසාරිස්  පවසන්නේ ඡන්ද විමසීමෙන් අනතුරුව ගණන් කිරීමෙන් පසු අදාළ ඡන්ද පත්‍රිකා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට රැගෙන යා යුතු බව ය. එලෙස රැගෙන යන ඡන්ද පත්‍රිකා අනතුරුව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැගෙන යා යුතුය.

නමුත් පුත්තලම ඡන්ද බල ප්‍රදේශයට අයත් ගණන් කරන ලද ඡන්ද පත්‍රිකා ගෝනි දෙකක් අත පසුවීමක් හේතුවෙන් එලෙස රැගෙන ගොස් නොමැති බවත් මෙය බරපතල අතපසුවීමක් බවත් පවසයි.

මෙම ඡන්ද පත්‍රිකා තොගය පුත්තලම තේරිම් භාර නිලධාරීවරයා සහ තමන් විසින් භාර ගැනීමට එහි යන බවද කියයි.

බරපතල අතපසුවීමක් බව පවසන ඒවා ගණන් කරන ලද ඒවා බව කොළඹ සිට කියන්නේ දිව්‍යඥානයෙන් විය යුතුය. ජනතාව ඡන්දය දැමූ ඡන්ද පත්‍රිකා වෙනුවට ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වලදී පෙර සූදානම් කරන ලද වෙනත් ඡන්ද පත්‍රිකා ගණන් ගැනීම සිදුවන බවට ජනතාව අතර බරපතල චෝදනා මෙන්ම සැක පවතී. මෙම සිදුවීමෙන් ජනතාව අතර පවතින එම සැකය වඩාත් තහවුරු වේ.

මැතිවරණයට පෙර දහසකුත් එකක් ඡන්ද නීති කඩා තිබුනද, මැතිවරණ දිනයේදීම ප්‍රචන්ඩ ක්‍රියා 212 ක් සිදුවුවද 'සාමකාමී සාධාරන' ඡන්දයක් පැවැත්වූ බව ප්‍රකාශ කෙළේද මහින්ද දේශප්‍රිය නම් මැකෝ ගිරවා ය. ප්‍රචන්ඩ ක්‍රියා 212 ක් සිදුවූ පසු එය සාමකාමී මැතිවරණයක් නම් ප්‍රචන්ඩ ක්‍රියා සිදු නොවන මැතිවරණ වලට කියන නම කුමක්දැයිපැහැදිලි කළ යුතුය.

2010 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක සවස පැහැරගෙන නොදන්නා තැනක සිට මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය කළ අතර මාධ්‍ය හමුවට පැමිණි සැනින් ඔහු කීවේ තමාට ආතතිය හැදුනු බවයි. එකළ මහින්ද දේශප්‍රිය දයානන්ද දිසානායක ගේ දෙවැනියා විය.

No comments:

Post a Comment