Monday 9 September 2013

ඇහුවොත් නං මුන්ට අතේ සතේ නැහැ... ඒ වුනාට කොහු බත් විකුනන එකා ඕට්ටු දාන්නෙ ලක්ෂ 100 ඒව.... බිත්තර විකුණන එකා තෑගි දෙන්නෙ හමර් ජීප්!!...........ජනතාව...


සන්ධානයේ වයඹ පළාත් සභා අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා මෙවර පළාත් සභා මැතිවරණයෙන් වැඩිම මනාප ලබා ගන්නා බවට කුලියාපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මුදල් ඔට්ටුවක් අල්ලා ඇති බවට වාර්තා වේ. 

වෘතියෙන් කොහුබත් ව්‍යාපාරිකයෙකු වන ඔහු අල්ලා ඇති ඔව්ට්ටුවේ වටිනාකම ලක්ෂ සියයකි. දයාසිරි ජයසේකර මහතා අංක එක බවට පත්වෙන බවසමින් ලක්ෂ සියයක වටිනාකමෙන් ආරම්භකර ඇති මෙම ඔට්ටුව ලබන සතිය වන තෙක් විවෘතව පවතින්නේ එයට විරුද්ධවද මුදල් ඔට්ටුවක් තැබීමට අවස්ථාව දෙමිනි. 

නමුත් තවමත් කිසිදු ප්‍රතිවාදියෙකු එම ව්‍යාපාරිකයාට හමුවී නොමැත. ලක්ෂ සියය ඉපයූ ආකාරය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වීමට අවශ්‍යය සියලු ලියකියවිලි පවා සකස්කර ගැනීමෙන් අනතුරුව එම ව්‍යාපාරිකයා විසින් එම මුදල් ඔට්ටුව ප්‍රසිද්ධියට පත්කොට ඇති බව වාර්තාවේ. 

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා තිස්තුන්දාහේ අප දයාසිරි ජයසේකර මහතා දුරකතනයෙන් සම්බන්ධකොට ගත්තා. එහිදී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙවැන්නක්. 

: කුලියාපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඔබ වැඩිම මනාප ගන්න බවට ලක්ෂ සියයක ඔට්ටුවක් අල්ලා තිබෙනවා ? 

දයාසිරි ජයසේකර : ඔව් ඒක ඇත්ත කතාවක් ඒත් මම එයාට කිව්වා ඕක කරන්න එපා කියලා

: ඔබගේ ජයග්‍රහණය විශ්වාස කොට මේ සා විශාල මුදල් ඔට්ටුවක් ඇල්ලු පුද්ගලයෙකුට ඔබ ඇයි එවන් ප්‍රකාශයක් සිදුකරන්නේ ?

දයාසිරි ජයසේකර : නෑ ඉතින් මම කිව්වා ඕන නැහැ කියලා..දැන් ඕක ප්‍රසිද්ධ උනාම, ඒ මිනිහ ඉස්සුවම කව්ද වගකියන්නේ ? රත්නායක ඉස්සුවා..එයා දැන් බය කරලා තියෙන්නේ. එහෙම මිනිස්සු එක එක්කෙනා බය කරන්න ගත්තම අන්තිමට මොකද්ද වෙන්නේ.. 

මම කිව්වා ඔයාගේ සල්ලිත් අපිට උවමනා නැහැ..අපි නෙවෙයිනේ ඔට්ටු දාන්නේ. අනිත් එක ඔය ඔට්ටු දාන වැඩවලට මම කැමතිත් නැහැ. මම කියල තියෙන්නේ ඔය වගේ දේවල් කරන්න එපා කියල පලවෙනි එක, දෙවෙනි එක මේක ප්‍රසිද්ධ උනාම එයාට තියෙන ආරක්ෂාව ගැන ගැටලුව හින්දයි.

No comments:

Post a Comment