Monday 30 September 2013

අලුත් පාරක යන්න රනිල් එකඟ වෙයි -------------------- යෝජනාව එක්සත් භික්ෂු පෙරමුණෙන්


එක්සත් භික්ෂු පෙරමුණ පසුගිය සතියේ සිදුකළ යෝජනාවකට අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා උත්තරීතර මණ්ඩලයක් පිහිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය ගිරාබේ ආනන්ද නාහිමියන් සමඟ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී එක්සත් ජාතික භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළ සියලු යෝජනා වලට රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇතැයි පැවසේ.මේ බව එක්සත් ජාතික පක්ෂ නායකයා තහවුරු කළ අතර මේ සතිය තුල එම සාකච්ඡාවට අදාලව ගන්නා තීරණ දැනුම් දෙන බවද පැවසීය.මේ අතර මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ පක්ෂයේ සියලු කොටස් එක්කොට අදාල උත්තරීතර මණ්ඩලය පිහිටුවන බවත් පූජ්‍ය ගිරාබේ ආනන්ද නාහිමියන් ඊට අදාල අවවාද අනුශාසනා ලබා දෙනුඇති බවත්ය.

No comments:

Post a Comment