Thursday 26 September 2013

මීළඟ සටනට බස්නාහිරට රවී, කරූ - දකුණට මංගල, සජිත් - ඌවට හරීන්


unp-leaders-28913
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභා මැතිවරණ වෙනුවෙන් මහ ඇමතිධූර අපේක්ෂකයින් ලෙස එජාප ප්‍රබලයන් ඉදිරිපත් කළ යුතු බවට විශේෂ සාකච්ඡාවක දී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැති විශේෂ සාකච්ඡාවකදී එජාප නායකයන් කිහිප දෙනෙකු විසින්ම යෝජනා කර තිබේ.
ඡන්දයක් පැරදුනාම හැමෝම නායකතුමාව විවේචනය කරනවා හැර පක්ෂය වෙනුවෙන් කිසිවකුත් කැපකිරීම නොකරන බවට චෝදනා මුඛයෙන් කතා කළ එජාප ඉදිරි පෙළ මන්ත්‍රීවරයකු මීළඟ පළාත් සභා මැතිවරණ කිහිපය සඳහා එජාපයේ ප්‍රබලයන් ඉදිරිපත් විය යුතු බවට මුලින්ම යෝජනා කර තිබේ. ලබන වසර මැදභාගයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බැවින් ඊට පෙර පැවැත්වෙන මෙම මැතිවරණය වඩාත් තීරණාත්මක එකක් වනු ඇති බවට එජාපයේ අදහස වී ඇත.

මේ නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයන් තුලින් යම් ජයග්‍රහණයක් අත්පත් කර ගත යුතුව තිබෙන නිසා ඒ වෙනුවෙන් එජාප ප්‍රභලයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය කැප කර ඊට ඉදිරිපත් විය යුතු බවට මේ කිහිපදෙනකුගේම මතය වී ඇත.

ඒ අනුව බස්නාහිර මහ ඇමැති අපේක්ෂකයා ලෙස රවී කරුණානායක හෝ කරූ ජයසූරිය ඉදිරිපත් කිරීමටත්. ඌව පළාත සඳහා හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කිරීමටත් දකුණු පළාත් සභාව සඳහා මංගල සමරවීර හෝ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වියයුතු බවටත් යෝජනා ඉදිරි පත්ව තිබේ. එහෙත් මේ වන විටත් මේ කිසිදු මන්ත්‍රීවරයකු ඊට එකඟත්වය පල කර නැත.

වයඹ, මධ්‍යම හා උතුර පළාත් සභාවන්ට නියම කරගත් මහ ඇමැති අපේක්ෂකයෙකු නොසිටීම විසින් ආණ්ඩුව එයින් විශේෂ ප්‍රයෝජනයක් ගත් බවත් එජාපයේ මැතිවරණ ව්‍යාපාරය කැපී නොපෙනුන බවත් මෙහිදී අවධානයට ගෙන තිබේ. මේ සියලු තත්වයන් සැලකිල්ලට ගෙන අදාල තීරණයට එළඹි බවත් එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ කෙසේ නමුත් තමාට එජාපයේ නයකත්වය ලැබුණ හොත් එජාපය දිනවා පෙන්වන බව කියන සජිත් ප්‍රේමදාස මහතාට තමන්ගේ හැකියාව පෙන්වා එජාප නායකත්වයට අභියෝග කළ හැකි අවස්ථාවක් බවට මෙම දකුණු පළාත් සභා මැතිවරණය පත්කර ගත හැකි බව එජාප ජේෂ්ඨයන්ගේ අදහසද වී ඇත. නමුත්  සජිත් ප්‍රේමදාස මහතා එම අභියෝගය තවමත් භාරගෙන නැත.

No comments:

Post a Comment