Monday 30 September 2013

එජාපය දේශප්‍රේමී මාර්ගයක......................?

ආර්. ප්‍රේමදාස විසින් මිනීමරු දූෂිත පක්ෂයක් කර තිබූ එජාපය ලිබරල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් දක්වා ගුණාත්මක වර්ධනයකට ගෙන ආවේ දැන් පවතින නායකත්වය මගිනි. කොටින්ම කියන්නේ නම් සොත්ති උපාලි වැනි පාතාලයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටි එජාපය ඉන් වෙනස් මගකට ගෙන ඇත. රටේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම විය යුතු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තුවට වග කියන නව ව්‍යවස්ථා රාමුවක යෝජනාවක් ගෙන ඒම, රටේ ප්‍රධානතම ප්‍රශ්නය වන කල්පවත්නා සාමයක් සඳහා දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට බලය ඛෙදා ගැනීමේ විසඳුමක් ගෙන ඒම, රටේ ආර්ථීකය මගඩි ආර්ථීකයෙන් ගලවා ලිබරල් ප්‍රතිපත්තියකට ගෙන ඒම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම, කොමිෂන් සභා ස්ථාපිත කිරීම ආදී රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩ ගත හැකි දර්ශනයක එජාපය දැනට සිටින ස්ථාවරයේ කිසිදු අවුලක් අප නොදකිමු. එසේ නොමැතිව රාජපක්ෂ ගමන් ගන්නා සිංහල බෞද්ධ ජාතිවාදී මාර්ගයේ තවත් කණ්ඩායමකට ගමනක් නැත. යා යුත්තේ බහු වාර්ගික බහු ආගමික සහ ජාතිවාදය වෙනුවට සැබෑ දේශප්‍රේමී මාර්ගයක ය. ජාත්‍යන්තර සහාය සමග යන මාර්ගයක ය. ඒ මග හෙළි පෙහෙළි කර දී ඇති පක්ෂ නායකත්වයේ දාර්ශනික දෘෂ්ටියේ වරදක් අප නොදකිමු. රටකට අවශ්‍ය වන්නේ මෝඩ ආකර්ශනීය නායකයන් නොව බුද්ධිමත් පැසුණු නායකයන්ය. ආකර්ශනීය නායකයන් අවශ්‍ය නම් ඉන්දියාව ශාරුක් ඛාන් අගමැති කරගන්නවා මිස මන්මෝහන් සිං අගමැති කරගන්නේ නැත

No comments:

Post a Comment