Tuesday 10 September 2013

දියදාව රක්ෂිතයේ තරුණියකගේ සිරුරක්

දෙණියාය දියදාව රක්ෂිතයේ තිබී සියදිවි නසාගත් බවට සැක කරන තරුණියකගේ මළ සිරුරක් දෙණියාය පොලිසිය මඟින් (09 දා) සොයාගෙන ඇත.මැය පල්ලේගම, ‍ෙදාඩඹේතොට පදිංචි මනන්නලාගේ ලලිතා ශ්‍යාමලී නමැති 21 හැවිරිදි තරුණියකගේ බව හඳුනාගෙන තිබේ. දෙණියාය ප්‍රදේශයේ තරුණයකු සමඟ පැවැති ප්‍රේම සම්බන්ධතාවක් මත ඇති වූ ආරාවුලක් නිසා මැය මෙසේ සිය දිවි නසාගෙන ඇති බවට සැකකරන බව දෙණියාය පොලිසිය පවසයි.වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර මාතර රෝහලට යවා ඇති අතර, දෙණියාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment