Tuesday 24 September 2013

ජාතික හෙළ උරුමයෙ,මහජන එක්සත් පෙරමුණෙ,ජාතික නිදහස් පෙරමුණෙ අපේක්ෂකයෝ පරාජය වූහ.



එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇමැති විමල් වීරවංශ මහතාගේ ජාතික පෙරමුණෙන් ද, ඕමල්පේ සෝභිත හිමියන්ගේ ජාතික හෙළ උරුමයෙන් ද, දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණෙන් ද තරඟ කළ අපේක්ෂකයෝ පරාජයට පත්වී සිටිති.
විජය කුමාරතුංග මහතා විසින් අරැඹුණු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වත්මන් නායක අසංක නවරත්න වයඹට සන්ධානයෙන් තරඟ කර ජය ගත්තේය.
එහෙත් යාපනයට තනිවම තරඟ කර ඡන්ද 209ක් ලබා හත් වැනි ස්ථානයට පත්වී පරාජය විය.
විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙන් මාතලේට තරඟ කළ සරත් විජේසිංහ, මහනුවරට තරඟ කළ හිටපු පළාත් කෘෂිකර්ම ඇමැති විමල් පියතිස්ස මහත්වරු ද පරාජය වූහ. වයඹින් ද එම පක්ෂයට තිබූ මන්ත්‍රී ධුරය අහිමි විය.
ජාතික හෙළ උරුමයෙන් මහනුවරට තරඟ කළ නාලක ස්වර්ණතිලක ද පරාජය විය.

No comments:

Post a Comment