Tuesday 10 September 2013

පැය දෙකක කාලයක විදුලිය කැපීමක්

පැය දෙකක කාලයක විදුලිය කැපීමක් අනිද්දා 12 දා සිට 24 දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය පවසයි. මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර පළාතටය. ඒ අනුව දෙහිවල, රත්මලාන, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, හොරණ, අම්බලන්ගොඩ, කළුතර, බණ්ඩාරගම ආදී ප්‍රදේශවලට විදුලිය පැය දෙකක කාලයකට විදුලිය විසන්ධි කෙරේ. මෙම පැය දෙක උදෑසන 8.30 සිට රාත්‍රී 10.30 දක්වා කාල පරාසය තුලදී ගැණෙනු ඇත.

මණ්ඩලය පවසන්නේ මෙය කොළඹ වට රවුම් අධි වේගී මාර්ගය ඉදිකිරීම නිසා පන්නිපිටිය සහ බියගම මධ්‍යස්ථාන වල විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි. නමුත් අභ්‍යන්තර තොරතුරු පවසන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරය බිඳ වැටීම නිසා මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුවී ඇති බවකි.

No comments:

Post a Comment