Tuesday 10 September 2013

පෙම්වතියගේ දුරකථන පණිවිඩය ඇසු සෙබළා වෙඩි තබාගෙන නසී


suicideවැලිකන්ද, සිංහපුර යුද හමුදා විශේෂ බලකායේ රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු අඟහරුවාදා (10) දහවල් 12.45 ට පමණ සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත. මියගොස් ඇත්තේ මාවතගම දෙල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි එගොඩ ගෙදර ක්‍රිෂාන් චාමර ප්‍රේමරත්න (28) නම් අවිවාහක සෙබළෙකි. මිය ගිය සෙබළා ඔක්තෝම්බර් 19 දින විවාහ වීමට දින නියම කර ගෙන ඇති බවත් සිය පෙම්වතියගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් පසු ඇතිවූ සිත් තැවුලකින් මෙසේ වෙඩි තබා ගන්නට ඇතැයි සැකකෙරෙන බවත් මූලික පරික්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එස්.එම්.ජරුල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

No comments:

Post a Comment