Monday 9 September 2013

ලක්ෂ 4000 ක මුදලට අදාල ලියවිල්ල නාමල් රාජපක්ෂ සොයයි.



ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට යලිත් වරක් 'නාඳුනන' කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රී ඇතුළු වී පරිගණක යන්ත්‍ර කිහිපයක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ඇයගේ නිවසෙහි තිබූ ගරාජය ඇනෙක්සියක් ලෙස ඔහුගේ පියාගේ මිතුරෙකුට කාර්යාලයක් සඳහා කුලියට දී තිබී ඇත. ඊයේ රාත්‍රී 'නාඳුනන' පිරිස ඇතුළු වී ඇත්තේ එම කොටසට ය. එහි තිබූ පරිගණකය සහ ලිපි ලේඛන රැගෙන ගොස් තිබේ.

මන්දනා පැහැරගැනීමට තැත් කිරීමෙන් පසුව ඔවුන් එම නිවසේ නොසිට සැඟවී සිටින අතර ඊයේ ඉරිදා දහවල් මන්දනාගේ සැමියා සහ පියා නිවසට පැමිණ නිවස අස්පස් කර සවස යලි ගොස් තිබේ. පියාගේ මිතුරා තම කාර්යාල කොටස කඩා ඇති බව දැන ගෙන ඇත්තේ අද උදෑසන එහි පැමිණි අවස්ථාවේදී ය.

නාමල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් මත පසුගිය අගෝස්තු 24 දා මන්දනා පැහැරගෙන යෑමට පැමිණි හමුදා කණ්ඩායම පැය ගණනක් ගත කරමින් සෙවූයේ නාමල් විසින් ක්‍රිස් සමාගමෙන් ලබා ගත්තා වූ ලක්ෂ 4000 ක මුදලට අදාල ලියවිල්ලකි. එදින එවැන්නක් ඔවුන්ට සොයා ගැනීමට නොහැකි විය.

ඊයේ ඇතුළු වූ කණ්ඩායම පරිගණක රැගෙන යන්නට ඇත්තේ නිවසේ එම කොටසේ මන්දනාගේ පරිඝනක ඇතැයිද අදාල ලියවිලි එම පරිගණක තුල තිබේ යැයි සිතා විය හැකිය.

අගෝස්තු 24 දා ඇතුළු වූ හමුදා පිරිසෙන් අයෙක් මිය ගොස් අනෙක් කණ්ඩායම අත් අඩංගුවට පත් වූවද ඒ පිලිබඳ විධිම

No comments:

Post a Comment