Monday 9 September 2013

බණ්ඩාර රාජපක්ෂ, චන්ද්‍රලාල්, ඒ. ඩී. විමලදාස, ටිකිරි අදිකාරී අපේක්ෂකයන් ජොන්ස්ටන් ප්‍රණාන්දුට කෝටියකට විකිනේ...

ජොන්ස්ටන් ප්‍රණාන්දු ඇමතිවරයා විසින් වයඹ පළාත් සභා මැතිවරණයේ අවසාන සති දෙක තුළ මැතිවරණ සටනින් ගිලිහෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ට විශාල මුදලක් දී තමාගේ මැතිවරණ ව්‍යාපාරයට එක් කරගැනීමට කටයුතු කරමින් යන්නේයැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.
ඒ සඳහා දැනටමත් අපේක්ෂකයින් කීප දෙනෙකුටම යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ගෙන් තවමත් යහපත් ප්‍රතිචාර ලැබී නැතැයි පැවසේ. මෙම අපේක්ෂකයන් අතර බණ්ඩාර රාජපක්ෂ, චන්ද්‍රලාල්, ඒ. ඩී. විමලදාස, ටිකිරි අදිකාරී වැනි අපේක්ෂකයන්ද සිටිතැයි වාර්තාවේ.
මැතිවරණයට නාම යෝජනා බාරදුන් මුල් සතියේදී අමාත්‍යවරයා විසින් කුලියාපිටිය, නිකවැරටිය, යාපහුව ඇතුළු ආසන කිහිපයක අපේක්ෂකයින්ට රුපියල් ලක්ෂ 5,10 වශයෙන් ලබාදී ඇතැයිද පැවසේ.
අවශ්‍ය උදව්වක් වහාම තමාගෙන් ඉල්ලාසිටින ලෙසත් ඔහු අපේක්ෂකයින්ට දන්වා ඇත.
රුපියල් ලක්ෂ 50, 100 වියදම්කර අපේක්ෂකයින් දිනාගෙන අවසාන සති 02 තුළ ඔවුන් ලවා තමන්ගේ ඡන්ද සටනේ අපේක්ෂකයා දිනවීම සඳහා ප්‍රචාරක සැලසුමක් මේ වන විට සකස් කර ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට මේ සඳහා ඉන්දික බන්ඩා නියෝජ්‍ය ඇමතිවරයාද සහයෝගය දක්වන බවත් ඔවුන්ගේ ව්‍යාපාරික හිතවතුන් කීපදෙනෙකුද ඒ සඳහා යොමු කර ඇති බවත් පැවසේ.

No comments:

Post a Comment