Tuesday 24 September 2013

ගාල්ලේ තනි අලියාත් ආණ්ඩුවට…


ගාල්ලේ තනි අලියාත් ආණ්ඩුවට… දකුණේ මහ ඇමතිකමටත් ඉල්ලන මීළඟට පැවැත්වීමට නියමිතව ඇති දකුණු පළාත් සභා මැතිවරණයේදී ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඉන්න තනි අලියාත් ආණ්ඩුවට එන්න බැරිකමක් නැතැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා පැවසීය.
ගාල්ල දිස්ති‍්‍රක්කයේ අති දුෂ්කර ගම්මානයක් වන ලංකාගමට විදුලිය ලබාදීම සදහා ආරම්භ කළ විදුලි ව්‍යාපෘතියට මුල පුරමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
‘යන්නේ නැහැ නැහැ කියලා තමයි කියන්නේ. රාතී‍්‍ර 12ටත් කියනවා යන්නේ නැහැ කියලා. නමුත් උදේ බලනකොට ආණ්ඩුවට ඇවිත්. දයාසිරිත් එහෙමයි. සමහරවිට එයා දකුණේ මහ ඇමතිකමට ඉල්ලන්න පුළුවන්. දැන් ඒ ගැන කතාබහක් වෙනවා.
විපක්ෂයේ ඉදලා කෑ ගැහුවට ඒ අය ජනාධිපතිතුමා ළගට එන්න පුළුවන්. බුද්ධික පතිරණ මන්ත‍්‍රීතුමා වුණත් කියන්න බැහැ. ලේ වලින් අත්සන් කරලා තියන අය වුණත් ජනාධිපතිතුමා ළගට එන්න පුළුවන්.
දැන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ කාලයක් ඉදලා ළතවෙනවාට වඩා ඒ අය ආණ්ඩුවට එන එක හොදයි.දයාසිරි ආණ්ඩුවට ආවේ පරදින්න නොවේ. වයඹ මධ්‍යම මැතිවරණය ආණ්ඩුව ඉහළින්ම දිනුවා’යැයිද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment