Thursday 26 September 2013

වාස් නැති නිසා දකුණේ පාතාලයෝ නැගිටලා

vaasහිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රිමාන්ඞ්භාරයට පත් කිරීමෙන් පසු දකුණේ පාතාලය යළි හිස ඔසවා ඇතැයි මොහොමඞ් සියාම් ඝාතනයට අදාළව සැකපිට රිමාන්ඞ්භාරයට පත්කොට සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ  හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ  අතිරේක මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතාට දැනුම් දී තිබේ.
දේශපාලන බල අධිකාරියත් සමග මෙලෙස දකුණේ පාතාලය හිස ඔසවා ඇතැයිද ඒ බව දකුණේ ජනතාව තම සේවාදායකයාට දැනුම්දී ඇතැයිද පවසා ඇති වර්ණකුලසූරිය මහතා තම සේවාදායකයා නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරන සමයේදී කළ දේවල් අමතක කළ  නොහැකි යැයිද පවසයි.

No comments:

Post a Comment