Tuesday 10 September 2013

දරුවෙකු බරපතල ලෙස අපචාරයට ලක් කල කාන්තාවක්


shockgraබාලවයස්කාර පාසල් සිසුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල බවට චෝදනා ලැබු විවාහක කාන්තාවකට උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉදිරියේදී අධිචෝදනා පත‍්‍ර භාරදෙනු ලැබීය. උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේදී රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා විසින් විත්තිකාරියට අධිචෝදනා පත‍්‍ර භාරදෙනු ලැබීය. මෙසේ අධි චෝදනා භාරදෙනු ලැබුවේ 16 කණුව අලිවංගුව පේමඩුව පදිංචි 22 හැවිරිදි විවාහක කාන්තාවකටය.
විත්තිකාරිය විසින් 2011 මැයි මස 20 වන දින සිට 2012 වර්ෂයේ මැයි මස 18 වන දින තෙක් කාලය අතරතුරදී මහවිලච්චිය පොලිස් වසමේ පේමඩුව පදිංචි 16 යට අඩු බාලවයස්කාර පාසල් සිසුවෙකු අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බවට ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 අ (2) යටත් දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

No comments:

Post a Comment