Wednesday 25 September 2013

බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂිකාව අනෝමා ෆොන්සේකා,සිරස මාධ්‍ය ප්‍රධානී කිලී මහරාජාගෙන්,මන්ත්‍රී ටිරාන් අලස්ගෙන් උපරිම සහයෝගය

කිලී මහරාජාගෙන් ෆොන්සේකා යුවළට රාත්‍රී භෝජන සංග්‍රහක්!

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නවතම ‘තුන් වෙනි බලවේගය ' ලෙස ඉස්මතු වෙමින් පවතින ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' නායක සරත් ෆොන්සේකා මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය හට සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී කිලී මහරාජා මහතා විසින් ඊයේ (24) රාත්‍රියේ සුවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව වාර්තා වේ.

දැඩි රනිල් වික්‍රමසිංහ විරෝධියෙකු වන සිරස මාධ්‍ය ප්‍රධානී කිලී මහරාජා, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කෙටි කාලයක් තුලදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැඩි ප්‍රශංසාත්මක මුඛයෙන් සරත් ෆොන්සේකා මහතාට සුභ පතා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන ඉදිරි ගමනට තමාගෙන් සිදු විය යුතු ඕනෑම අන්දමේ අනුග්‍රහයක් ලබා දිය හැකි බවට සිරස මාධ්‍ය ප්‍රධානියා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකවරයාට දන්වා ඇත

රාත්‍රී භෝජන සංග්‍රහයට පෙරාතුව ‘මව්බිම ' පුවත්පතේ හිමිකරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අමතා ඇති කිලී මහරාජා මහතා රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳව ඔහුට දන්වා ඇත. එම කතාබහේ දී කිලී මහරාජා මහතා ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා ඇත්තේ ෆොන්සේකා මහතා සමග ඇති තරහ මරහ ඉවත දමා ‘රනිල් විරෝධීන්' එක පෙරමුණකට ගොනු විය යුතු බවයි. එහි දී ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ එක එක පුද්ගලයන්ගේ කේලාම් අසා ෆොන්සේකා මහතා තමා සමග අමනාපයෙන් පසු වුවද තමාගේ කිසිදු අමනාපයක් ෆොන්සේකා මහතා සමග නැති බවයි. තමා තවමත් අනෝමා ෆොන්සේකා මහත්මියත් දියණියන් දෙදෙනාත් සමග සුහදව කටයුතු කරන බව වැඩි දුරටත් දන්වා ඇත. යම් අවස්ථාවක අනෝමා ෆොන්සේකා මහත්මිය බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වුවහොත් තමන්ගේ මාධ්‍ය මගින් ඇයට උපරිම සහයෝගය දක්වන බව ටිරාන් අලස් මහතා කිලී මහරාජා මහතාට පොරොන්දු වී  ඇත.

ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය අතර තුර දී කිලී මහරාජා මහතා ටිරාන් අලස් මහතා පිළිබඳව ඉහත කාරණා සරත් ෆොන්සේකා මහතාට පවසා ඇතත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිට ඇත.
#lankanewsweb 

No comments:

Post a Comment