Thursday 26 September 2013

සජිත්ගෙ නායකත්වය පැය දෙකාමාරයි


  death-fast.11


සජිත් පේ‍්‍රමදාස මහතා එජාප නායකත්වයට පත් කරන ලෙස ඉල්ලා අද පෙරවරුවේ මාතලේදි ආරම්භ කළ මාරාන්තික උපවාසය පැය දෙකාමාරකට පසුව එම උපවාසකරුවන් විසින් අත්හැර දමා ඇත.

මාතලේ ඔරලෝසු කණුව අසළ එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනකු වන පල්ලේපොල ආර්.ඞී. රාමනායක සහ තැඹිලිදෙනියේ අජිත් සෙනවිරත්න අද උදේ 8.30ට ඇරැඹූ උපවාසය උදේ 11.15ට අවසන් විය.
උපවාසයේ නියුතුන සිටි මහත්වරුන් පවසන්නේ පක්ෂයේ ඉහළපෙළේ නායකයින් හා මාතලේ දිස්ත‍්‍රික් නායකත්වය සමග උපවාසකරුවන් හා සකාච්ඡා කිරිමෙන් පසු උපවාසය අත්හැරි බවත් සාධාරණයක් ඉටු නොවුණහොත් නැවත මෙම උපවාසය ආරම්භ කරන බවත්ය.

කෙසේ නමුත් මෙම උපවාසය අත් හැරීමට පිළිබඳව අප මාතලේ එජාප ප්‍රාදේශීය නායකයකුගෙන් කළ විමසිමකින් අනාවරණය වූයේ සජිත් ප්‍රේමදාස නායකත්වය බාරගන්න සූදානමක් නොමැතිව ව සිටියදී කරන උපවාසයකින් දේශපාලන ජයක් ලබා ගැනීමට නොහැකි බැවින් ඒ අත්හැර දැමූ බවය.

No comments:

Post a Comment