Thursday 26 September 2013

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට අගමැති දි.මු. ගේන් හොරගොල්ලදී ඉහල පිලිගැනීමක්


sf-dm-jayarathnaශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 54 වන ගුණානුස්මරණ උළෙල අද (26) හොරගොල්ල සමාධිය අභියසදී පැවැත් වූ අතර ඒ සදහා සහභාගී වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට ශ්‍රී.ල.නි.ප. ඉහල සාමාජිකයින්ගේ ඉහල පිලිගැනීමට ලක්වූ බව වාර්තාවේ. වර්තමාන ආණ්ඩුවේ අගමැති දි.මු. ජයරත්න විසින් ඔහු ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කොට ඇති අතර සුහද සාකච්ඡාවක නිරත වූ බව වාර්තාවේ.
අනතුරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් සරත් ෆොන්සේකාට සුබ පැතුම් එක්කළ අතර උත්සව අවස්ථාවේ කටයුතු අතර මැදද දීර්ග සාකච්ඡා වක නිරත වූ අයුරු දැකිය හැකි විය. එම අවස්ථාවට එක් වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා අනෙකුත් අමුත්තන් හට සරත් ෆොන්සේකා ලද ජයග්‍රහණය සමග විශේෂ පුද්ගලයෙක් වශයෙන් සලකා කටයුතු කරනු දැකිය හැකි විය.

අගමැතිවරයා හා රාජපක්ෂවරු අතර මධ්‍යම පළාත් මහ ඇමැතිධුරය සම්බන්ධයෙන් පවතින ගැටුමක් පවතින අතරතුරදී අගමැතිවරයා හිටපු ජනාධිපතිනිය හා අතිශය සමීපලෙස සාකච්ඡාවක නිරතව සිටීමද අවධානයට පාත්‍රවිය.

 sf-dm-jayarathna1
sf-dm-jayarathna-2
sf-dm-jayarathna-3
sf-dm-jayarathna-4
sf-dm-jayarathna-5
sf-dm-jayarathna-6

No comments:

Post a Comment