Tuesday 17 September 2013

දයාසිරි කටානෙන් සෙනග අදි !


------ ---------410-- 24-07ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ පැවැත්වෙන ජනහමුව සඳහා දයාසිරි ජයසේකර මහතා කටාන ආසනයෙන් පිරිස් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව, ඔහුගේ හිතවතකු වන කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති ලීලානන්ද සිල්වා මහතා බස් රථ 10 ක සෙනග පටවා කුලියාපිටියට ඒවා තිබේ.
 වාර්තාවන පරිදි අද පැවැත්වෙන රැලිය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු හා දයාසිරි ජයසේකර අතර ශක්තිය උරගා බලෙන තීරණාත්මක එකක් වනු ඇත.
පසුගිය 02 දා කුරුණෑගලදී පැවති ශ්‍රීලනිප සමුළුවේදී ජොහාන් ප්‍රනාන්දු 'ලකුණු' දාගත් අතර, ජනාධිපතිවරයාගේද ප්‍රසංසාව ඔහුට හිමිවිය.
අද පැවැත්වෙන රැලිය දයාසිරි ජයසේකර මහතාගේ දේශපාලන බල ප්‍රදේශයේ තිබුනද, එම රැස්වීමට 10,000 ක සෙනගක් ගෙන ඒමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇතැයි ද වාර්තාවේ.
දයාසිරි ජයසේකර මහතා දේශපාලන 'තරුවක්' වුවද, ඔහු කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ආසන සංවිධායකයකු නොවීම ඔහුට මෙවර වැඩිම මනාප ගැනීමේ සටනේදී අවාසි සහගත කොන්දේසියක්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
අනෙක් අතට, ඔහුට එදිරි මනාප සටනක යෙදෙන ජොහාන් ප්‍රනාන්දු මහතා ගේ පියා වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාට සමීපතම කෝටිපති ඇමතිවරයකු වීමත්, ඔහු නිකවැරටිය ආසනයේ සංවිධායක විමත්, ජොන්ස්ටන් ඇමතිවරයාගේ දේශපාලන සගයා වන නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩාරනායක මහතා පඬුවස්නුවර ආසන සංවිධායක වීමත් ජොහාන්ගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගතවී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment