Wednesday 25 September 2013

අන්තරේ වැඩබලන කැඳවුම්කරුට මරණ තර්ජනය!

අන්තරේ හිටපු වැඩබලන කැඳවුම්කරුට මරණ තර්ජනය!
http://www.lankatruth.com/home/sinhala/

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කළ, මේ වනවිටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන චින්තක රාජපක්ෂ මහතාගේ කුරුණෑගල නිවෙසට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියා ගන්නා ලද පිරිසක් මරණ තර්ජන එල්ලකර තිබේ.

පසුගිය 21 වැනිදා පැවති ඔහුගේ සොහොයුරාගේ මංගල උත්සවයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් පැමිණීම ගැනත් චින්තක රාජපක්ෂ දැනට සිදුකරන දේවල් හා ඔහුගේ තොරතුරුත් එම නිවෙසට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් බව කියාගත් පිරිස විමසා තිබේ.

ඔහු රජයට එරෙහි දේශපාලන කටයුතුවල නියැළෙන බවත් වහාම එය වලක්වන ලෙසත් මවුපියන්ට දන්වා ඇති අතර එය සිය අවසාන නිවේදනය බවත් එම නිලධාරීන් පවසා ඇත. ඔවුන්ගේ ජංගම දුරකතනයකින් මව, පියා හා සොහොයුරාගේ ඡායාරූප ලබාගෙන ඇති බවත් පැවසේ. 
 
No comments:

Post a Comment