Monday 30 September 2013

එජාපය හැර නොයායි.- ගාල්ල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක

එළැඹෙන දකුණු පළාත් සභා මැතිවරණයට පෙර ආන්ඩුවට එක්වන එජාප මන්ත‍්‍රීවරයා තමන්දැයි ජනතාව විමසන බව ගාල්ල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


මෑතකදී එජාපයෙන් ආණ්ඩුවට එක් වූ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයාගෙන් පසු තමාද ආණ්ඩුවට එක්වීමට සැරසෙන බවට කටකතා පැතිර යන බව පැවසන ඒ මහතා තමා එජාපය හැර යන්නේ නැතැයි කී විට ‘ඔහොම කියල තමයි දයාසිරිත් ගියේ’ යයි ජනතාව පවසන බවද කියයි.

මෙම කටකතාවලට දිය හැකි හොඳම පිළිතුර වනුයේ තමනා එජාපය හැර නොයා සිටීම බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment