Thursday 5 September 2013

මගේ හිතවතා මීලදී ගෙන


මගේ හිතවතා සොයා දෙන්න දයාසිරි කියයි
නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ හිතවතෙකු මෙන්ම ප්‍රධාන ආධාරකරුවෙකු වන කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක මහතා ඊයේ(04) රාත‍්‍රීයේ සිට අතුරුදහන් වී ඇත.
මේ පිළිබඳව නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතිගරු ජනාධිපතිතුමාට සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දුරකතනයෙන් ඒ පිළිබදව දැන්ම් දී තමාගේ හිතවතා, ආධාරකරුවාගේ ජීවිතයට යම් අනතුරක් වීමට පෙර කඩිනමින් සොයා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ආරක්‍ෂක ලේකම්තුමාගේ උපදෙස් මත විශේෂ ආරක්‍ෂක කණ්ඩායම් දෙකක් මේ වනවිටත් විමර්ශන කටයුතු අරඹා ඇතැයි ආරක්‍ෂක ලේකම්තුමා දැනුම් දුන් බව නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.ස රත් රත්නායක මහතාගේ බිරිදට හා පවුලේ ඥාතීන්ටද ඒ පිළිබද දැනුම් දී ඇත.
ආර්.එම්.සරත් රත්නායක මහතා ඊයේ(04) රාත‍්‍රී 9.00 පමණ සිට අතුරුදහන්ව ඇතැයි ඒ මහතාගේ බිරිද වන ඩී.බ්.එච්.දීපානි මහත්මිය හෙට්ටිපොල සහ වාරියපොල යන පොලිස් ස්ථානයන්ට දින පැමිණිලි කර තිබේ.
වයඹ මැතිවරණය දිනෙන් දින ප‍්‍රචණ්ඩත්වය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කටයුතු ඉහල යමින් තිබෙන බැවින් මතින් හා ප‍්‍රචනණ්ඩත්වයෙන් තොර සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක නියැලෙන තමාගේ කීර්තිනාමයට හා ප‍්‍රතිරූපයට හානිකිරීමේ අරමුණින් මනාප පොරයක පැටලී සිටින පිරිසේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපලයක් ලෙස තමන්ට මෙම සිදුවීම් දාමය හැගෙන්නේ යැයි නීතිඥ දයාසිරි ජයසේකර මහතා දන්වා සිටී.
තමා වටා සිටින විවිධ හැකියාවන් සහිත පිරිස් කෙසේ හෝ ඉවත්කර, මීලදී ගෙන හෝ බියවද්දා ඔවුන් දැන් දයාසිරි සමඟ නෑ යනුවෙන් මාධ්‍ය මගින් හුවා දක්වීමට කටයුතු කර පහත් තෘප්තියක් ලබා ගැනීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කරමින් සිටින්නේ යැයිද දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තව දුරටත් කියා සිටින්නේ ජනාධිපතිතුමාගේ සිට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සියළුම දේශපාලන නායකයන්ගේ ආශිර්වාදය හා සහාය තමට ලැබී ඇති මොහොතක මෙවැනි කටයුතු සිදුවීම එක් අතකින් කණගාටුවට කරුණක් බවත් අනෙක් අතින් පක්‍ෂ බෙදයෙන් තොරව තමාට සහාය දෙන ජනතාව නොමඟ යැවීමේ කූට කුමන්ත‍්‍රණයක බවත්ය.
මෙවැනි පහත් ගණයේ කුම්න්ත‍්‍රණ ඉදිරියේදී වෙනස් ස්වරූපයකින් සිදු වුව හොත් එය පුදුමයට කරුණක් නොවන බවත් එවැනි සිදුවීම් වලදී ජනතාව විමසිලිමත්ව ඒ සම්බන්ධව කටයුතු කරන ලෙසද දයාසිරි ජයසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

No comments:

Post a Comment