Tuesday 10 September 2013

දිගාමඩුලු පරිවාර චෛත්‍යය


Photo

දිගාමඩුලු පරිවාර චෛත්‍යය වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන දීඝවාපී පරිවාර චෛත්‍ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වී ඇත. පරිවාර චෛත්‍ය පිහිටි කඳුමුදුනට නැඟ අවට සිසාරා බලන විට දක්නට ලැබෙන්නේ නෙතට රසඳුනක් බඳු දසුනකි. වැව්, අමුණු, කෙත්වතු, ඝන වනාන්තරය සහ නැගෙනහිර වෙරළ තීරයේ දැක්වෙන අහස - පොළොව යා කළ ක්ෂිජය, බලන්නට වටිනා මේ පිළිබඳ අවධානය යොමු කළ උහන සුහදගම සඳනදපුර, 19 තිස්සපුර සුදර්ශනාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති, උහන ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති විශ්ව කීර්ති ශ්‍රී සමාජ සේවා ශිරෝමනී සාසන සෝබන ශ්‍රී රතනපාල පෝද්දිවෙල චන්දානන්ද මහනාහිමි මෙම පරිවාර චෛත්‍යය ඇතුළත් ඓතිහාසික පින්බිමේ වටිනාකම තේරුම් ගෙන එම භූමිය ඉතා දුෂ්කරව එළිපෙහෙළි කරගෙන බෞද්ධයන්ගේ චන්දනාමානයට අවශ්‍ය පරිදි ගොඩනගමින් එහි විහාරාධිපතිත්වයද දරමින් කටයුතු කිරීම සැබවින්ම ප‍්‍රශංසනීය කටයුත්තකි. සුවිසල් ගල් කන්දක් මත බෞද්ධ නිර්මිත රැුසක් මේ වන විටත් එහි ඉදිකර අවසන්ය. ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන දේශ ශක්ති දයා ගමගේ මහතා ලංකාව පුරාම චෛත්‍ය සියයක් ඉදිකිරීමේ වැඩසටහනක් අරඹා ඇති අතර එහි පළමුවැන්න මේ දීඝවාපී පරිවාර චෛත්‍ය පිහිටි කඳු මුදුනේ ආරම්භ කර තිබේ. මේ වන විටත් එහි ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර මෙහි බොහෝ කටයුතු වලට දයා ගමගේ මහතාගේ අනුග‍්‍රහය ලැබී ඇත. මේ ස්වාමින් වහන්සේගේ මෙකී මානුෂික සද්කාරය දෑසින් දුටු සාමය දයාව උදෙසා වූ ජාත්‍යන්තර සංවිධානයේ ප‍්‍රධානී ජර්මන් ජාතික උර්සුලා බයර් මහත්මිය එම කටයුතු සඳහා බොහෝ සෙයින් උදව් උපකාර කළාය. ඉන්පසුව මෙම පරිවාර චෛත්‍ය භූමියේ සංස්කෘතික ශාලාවක් ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 61ක මුදලක් පරිත්‍යාග කිරීමට ඇය පියවර ගත් අතර මේ මුදලින් ඉදිකළ සංස්කෘතික ශාලාව් දයා සරණ දහම් පාසලද පැවැත්වේ. මෙහි පැමිණෙන බැතිමතුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙන්ම අවට වනයේ වනසතුන්ගේ ප‍්‍රයෝජනය සඳහාද පරිවාර චෛත්‍යයට පිවිසෙන තැන වම් පැත්තේ කුඩා ජලාශයක් ඉදිකර ඇත. විදලමු ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ මේ පින්බිමට විදුලිය ලැබී ඇති අතර වැව සැදීමට දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර මහතා රුපියල් ලක්‍ෂ 05ක මුදලක් ලබාදී ඇත. ඊට අමතරව අම්පාර හිටපු දිසාපති, වත්මන් රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතා මෙම චෛත්‍යයේ වැඩ කටයුතු සඳහා දිරිය ශක්තිය මෙන්ම විශාල අනුග‍්‍රහයක් දක්වා ඇත. බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් බඳු දීඝවාපි මහ පන්සලටද, අවට ගම් දනව් වලටද රැුකවරණයක් ලැබෙන දීඝවාපි පරිවාර චෛත්‍යය ප‍්‍රමුඛ පින්බිම රැුකගැනීම සහ ඊට කර උර දීම ඔබ අප සැමගේ යුතුකමකැයි සිතමි. ඊට අනුබල දීමට උදව් උපකාර කිරීමට කැමති අයෙක් වෙතොත් අංක 0773522134 දරන දුරකථන අංකයට කථා කර පෝද්දිවෙල චන්දානන්ද හිමියන්ට හෝ 0632222206 අංකයට කතා කර අම්පාර වත්මන් දිසාපති නීල් ද අල්විස් මහතාට කතාකර විස්තර විමසිය හැක. නවාතැන් පහසුකම් ගන්නට එන අය දින කීපයකට පෙර චන්දානන්ද හිමියන් ඇමතිය යුතුය. 
 
සටහන සහ සේයාරූ - දිගාමඬුල්ලේ සමන් දිසානායක

No comments:

Post a Comment