Tuesday 10 September 2013

දුම්රිය ගාස්තු 25 කින් ඉහළ නංවන්න සාකච්ඡා

අවම ගාස්තුව රු.15/යි 
අලාභය පියවාගැනීමේ පියවරක්


දුම්රිය ගාස්තුව සියය 25 කින් ඉහළ දැමීම සඳහා දුම්රිය ප්‍රධානීහු මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග ‘ලක්බිම’ට ඊයේ (10) අනාවරණය කළේය. වසර ගණනාවක සිට දුම්රිය දෙපාර්තමේන්තුව ලබන අලාභය පියවා ගැනීම සඳහා එම බලධාරීහු මෙම   තීරණය ගෙන ඇත.
විශේෂයෙන් මෑතකාලයේදී දුම්රිය සේවය සඳහා අලුතින් එක්කරන ලද නව දුම්රියක් සඳහා විශාල මෙහෙයුම් වියදමක් එම දෙපාර්තමේන්තුව සඳහා දැරීමට සිදුවීමද මීට හේතුවක් වී තිබේ.

වසර කිහිපයක සිට දුම්රිය ගාස්තු සංශෝධනයක් කර නොමැති අතර මෙම වැඩි කිරීමත් සමග අවම දුම්රිය ගාස්තුව රුපියල් 15ක් දක්වා වැඩිවෙනු ඇත. දුම්රිය මගීන්ගෙන් අති බහුතරයක් දිනපතා ගමන් කරන්නේ අවම දුම්රිය ගාස්තුව යටතේය. මෙම ගාස්තු සංශෝධනයත් සමග සුඛෝපභෝගි දුම්රිය ගාස්තු, දුම්රිය වාරප්‍රවේශ පත්‍ර ගාස්තු ඇතුළු සියලුම ගාස්තු අවස්ථා ඉහළ යනු ඇත.

No comments:

Post a Comment