Wednesday 25 September 2013

"13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කරනු!" - ඉන්දියාව


 indiaflagශ‍්‍රී ලංකා රජය 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කළ යුතු යයි ඉන්දීය රජය නැවත වතාවක් අවධාරණය කරයි. උතුරේ මැතිවරණය සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව රජය ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි 13 වන සංශෝධනය කි‍්‍රයාවට නැංවිය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ‍්‍රී ලංකා රජය විසින් 13 වන සංශෝධනය හෝ ඊට එහා ගිය විසඳුමක් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව පවසන ඉන්දියාව රජය උතුරේ මැතිවරණය පැවැත්වීමෙන් ජාත්‍යන්තරයට වූ පොරොන්දුවක් ඉටු කර ඇති බව ද සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානය සහ රජය මැතිවරණයෙන් පසුවල එක්ව කටයුතු කිරිම සම්බන්ධයෙන් ධනාත්මක ප‍්‍රකාශ නිකුත් කර ඇති බවත් දෙපාර්ශවයම එක්ව කටයුතු කිරීමෙන් උතුරේ ජනතාවගේ ගැටලූ විසඳීමට හැකි වනු ඇති බවත් ඉන්දීය රජයේ අදහසයි. ඒ සඳහා සිය සම්පූර්ණ සහය ලබාදෙන බව ද ඉන්දීය රජය එම නිවේදනයෙන් කියා සිටී.

No comments:

Post a Comment