Monday 30 September 2013

සල්ලි වැස්සට තෙමුණු අනර්කලී ..........විලි ලෑජ්ජයි.......!

FM නාලිකා වල රේටින්ග්ස් වැඩිකර ගැනීම සඳහා ගුවන් විදුලි නාලිකා වලින් මිනිසුන්ට සල්ලි විසිකිරීමේ උපක්‍රමය මේ වනවිට බොහෝ ගුවන් විදුලි නාලිකා වලින් ආරම්භකොට තිබේ. 

ගුවන් විදුලි නාලිකා වලට වැඩිපුර සවන් දෙන්නේ මධ්‍යම පාන්තික ජනතාව හෙයින් ජීවන බරින් මිරිකී සිටින ඔවුන්ට සල්ලි දිගු කිරීම ප්‍රචාරක මාධ්‍යයක් ලෙස සාර්ථක යැයි කෙනෙකුට තර්ක කල හැක. 

ඒ අනුව පසුගියදා EAP ජාලයේ ශ්‍රී එෆ්.එම් ගුවන් විදුලිය මගින් සිය ශ්‍රාවකයන්ට මුදල් ලබාදීමේ නවතම වැඩ පිළිවෙලක් හදුන්වා දෙන ලදී. එය හදුන්වා දුන්නේ "ශ්‍රී එෆ්.එම් සල්ලි වැස්ස" යනුවෙනි.
 

ඒ අනුව සල්ලි වැස්සේ මුලින්ම "නාන්නට" හැකිවුයේ පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂා හටය. මෙහිදී සල්ලි කොළ විසිවන කුටියක් තුලට සීමිත කාලයක් ගත කිරීමට ශ්‍රාවකයාට අවස්ථාව උදාවෙන අතර ඒ කෙටි කාලය තුල හැකි තරම් විසිවෙන සල්ලි කොළ එකතුකොට ගත යුතුය. 

අනර්කලී සල්ලි වැස්සේ දෑඟලු අන්දම පහතින් බලන්න.



No comments:

Post a Comment