Thursday 26 September 2013

නාමල් රාජපක්ෂ යෞවන හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කරයි


Namal R 410px 26-09-13පසුගිය සෙනසුරාදා (21) පැවති පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල, මාතලේ හා මහනුවර දිස්ත්‍රීක්ක වලින් වැඩිම මනාප ලබාගනිමින්, ශ්‍රීලනිප උරුමක්කාර පවුල් පදනමක් සහිත තරුණයින් තිදෙනෙකු පෙරට ඒමත් සමග නාමල් රාජපක්ෂ  මහතාට අනාගතයේදී එල්ලවිය හැකි අභියෝගය සලකා, ඔහුව  යෞවන හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඇමරිකාවෙන් ලැබෙන ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
මේදිනවල ඇමරිකාවට ගොස් සිටින ජනාධිපතිවරයා, දයාසිරි ජයසේකර මහතා ලැබූ මනාප සංඛ්‍යාව ගැන තිගැස්මකට ලක්ව ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුවට (CHOGM) සමගාමීව හම්බන්තොට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ කටයුතු සමුළුවටත්, ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ තරුණ සම්මේලනයටත් නායකත්වය ලබා දීමේ සූදානමක් ලෙස යෞවන හා තරුණ කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි  'ලංකා නිව්ස් වෙබ්' ද වාර්තා කර තිබේ.

යෞවන හා තරුණ කටයුතු අමාත්‍යංශය මේ වන විට ජනාධිපති ඥාති ඩලස් අලහප්පෙරුම මහතා යටතේ පැවතුන ද එම අමාත්‍යංශයේ බලධරයා ලෙස කටයුතු කරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය වැඩි වර්ධනය කිරීමේ අභිලාෂයෙන් ඔහුගේ ඇරයුමෙන් ලබන නොවැම්බර් මස 01 දා සිට 08 වන දා දක්වා සුප්‍රක්‍රට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඉයන් බොතම් මහතා විසින් සංවිධානය කරනු ලබන ‘බීෆීස් බිග් වෝක්' නමින් මාන්කුලමේ සිට හම්බන්තොට දක්වා පාගමනක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම පාගමන සඳහා සුප්‍රකට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් වන බ්‍රයන් ලාරා, කපිල් දේව්, සෞරව් ගන්ගුලි වැන්නවුන් සහභාගි වීමට නියමිතය.

No comments:

Post a Comment