Tuesday 10 September 2013

ජොනිගේ වයඹ අරක්කු සමාගම වසා දමයි


ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ අරක්කු සමාගමේ සිදුව ඇතැයි සැලකෙන ස්ප්‍රීතු වංචාවක් හේතුවෙන් එය තාවකාලිකව වසා දැමීමට සුරාබදු  දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තාවේ.
මෙම ස්ප්‍රිතු යොදා නීති විරෝධි  අරක්කු මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කර  වෙළද පොලට  නිකුත් කර  ඇති අතර දිවයින පුරා අදාල සමාගමට අයත් තැබෑරුම් 108ක් පමණ ඇති අතර ඒ සෑම එකකටම මෙම අරක්කු නිකුත් කර ඇති බව වාර්තාවීමෙන් අනතුරුව සමාගම වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
කෙසේ නමුත් මෙම තැබෑරුම් පරික්ෂා නොකිරීම සදහා පොලිස් පරික්ෂකවරුන්ට ඇමැතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගෙන් බලපෑම් එල්ල වී ඇති බවටද වාර්තාවේ. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඇමැතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා වන චින්තක ගුණරත්න පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ  සභාපතිවරයා වීමය.

No comments:

Post a Comment