Monday 30 September 2013

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය අද

ලෝක ළමා හා වැඩිහිටි දිනය අද 01

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය අදට (01 වැනිදා) යෙදී තිබේ.
ලෝක ළමා දින ජාතික උත්සවය ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‌ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (01 වැනිදා) නෙළුම් පොකුණ මහින්ද රාජපක්‌ෂ රංග ශාලාවේ දී පැවැත්වෙන අතර ලෝක වැඩිහිටි දින ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.
"පවුල ඔබ සුරකියි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ළමාදිනය නිමිත්තෙන් අලෙවි කරන පළමු කොඩිය, ජනපති ආර්යාවට පැළඳවීම මෙහිදී සිදු කෙරේ. සමරු මුද්දරය හා මුල් දින කවරයද එහිදී නිකුත් කිරීමට නියමිතය. ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්‌ස කරලියද්ද මහතා ඇතුළු සම්භාවනීය පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වීමට නියමිතය.
 
අශෝක පියරත්න
ඡායාරූපය - ජයසිරි පේදුරුආරච්චි

No comments:

Post a Comment