Thursday 26 September 2013

සාලින්ද දිසානායක ඇමැති රථයට යටවූ දරුවාට අසාධ්‍යයි

SalindaD 410px 13 09 26අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ගමන් ගත් වාහනයේ ගැටීමෙන් 3 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇත.
ගොකරැල්ල, දොළොස්දහ ප‍්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ දැරිය, කුරුණෑගල රෝහලට ඇතුළත් කොට අසාධ්‍ය තත්වය හේතුවෙන් වාහම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට මාරු කොට එවා තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ ඇමතිවරයාගේ රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ, අරුණ නමැති අයෙකි. කෙසේවෙතත් මේ පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් පොලිසියේ පැමිණිල්ලක් කොට නැතැයි ද සඳහන් වෙයි.

No comments:

Post a Comment