Wednesday 25 September 2013

නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැ . - ඇමැති ජොන්ස්ටන්

වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවකුට පුද්ගලයන් කිහිපදෙනකු එක්ව පහර දීමෙන් අනතුරුව ඔහු කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. කුරුණෑගල පදිංචි කිංස්ලි නමැති මෙම ආධාරකරුවාගේ ත්‍රිරෝද රථයට අත්‍යවශ්‍ය ගමනක් යෑමට අවැසි බව හඟවමින් කුරුණෑගල, බඩගම
මූකලාන ප්‍රදේශයට ගෙන ගොස් අපරාධකරුවන් මෙම පහර දීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මේ පිළිබදව අදහස් දැක්වු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා

“ඇත්ත වශයෙන්ම ඉතා කනගාටු වෙනවා මේ මැතිවරණ ව්‍යපාරය දිහා බැලුවම මුල ඉදන්ම  අපිට මඩ ගැහුවා නොයෙක් දේවල් කියලා නමුත් අපි ඒ දෙවල් වලට උත්තර දෙන්න ගියේ නැ අපිට ජනාධිපතිතුමයි පක්ෂයයි වැදගත් නිසා. බොලද“ ප්‍රකාශ වලට උත්තර නොදිය යුතුයි කියලා අපි තින්දුවක් ගත්තා .
නමුත් ඡන්දෙන් පසුවත් ඡන්දේ දිනපු අය ඇතිවෙන්න මනාප ගත්ත අයත් මඩ ගහනවා
එක්ලක්ෂ තිස් හත් දාහක් බුලත් කොලෙට ඡන්දේ දිපු අයට ජනතාවට අපහස කරනවා මෙහෙමද ජය සමරන්නේ.
 තමන්ගෙම පාක්ෂිකයින්ගේ ගෙවල් වලට පහරදීලා තියෙනවා අත් කකුල් කඩලා කඩු වලින් කොටලා අද අලුත්ම සිද්දිය ත්‍රි රෝද රථ රියදුරු මහත්මයෙක් කිංස්ලි කියලා “ජොහන්ට වැඩ කරේ ඇයි “ කියලා ගහලා බඩගම මූකලානට ගෙනත් දාලා ගිහිල්ලා මෙවගේ කීප දෙනෙක් කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. පොලිසිවලට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
ජනතාවගේ ඡන්දය ගත්ත දේශපාලකයෝ වුනාහම මිට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ රටට ආදර්ශයක් වෙන්න ඹනේ පලාතට ආදර්ශයක් වෙන්න ඹනේ. හැමෝම එක්කෙනෙකුට ඡන්දේ දෙන්නෙ නෑ සියලුම ඡන්ද දායකයො අපිට ඡන්ද දෙන්නෙ නැ මිනිස්සු කැමතිකෙනාට තමයි ඡන්දේ දෙන්නෙ වැඩක් කරන්න බැරිනම් ජනතාව ඒ පුද්ගලයව ප්‍රතික්ෂේප කරනවා ඒක තමයි මේ මනාප ක්‍රමයේ හැටි. තමන්ට වැඩ කෙරුවේ නැ කියලා මෙහෙම ගහනවනම් ඒක නින්දිත ක්‍රියාවක්.දෙදාස් පහෙන් පස්සේ ජනාධිපතිතුමා යටතේ ඉතා සාධාරණ මැතිවරණ පවත්වන්නේ නමුත් මේ අය තමන්ගේ පෞද්ගලික කෝන්තර දේශපාලනයෙන් පිරිමහ ගන්න හදනවා
නිකවැරටිය පොලීසිය පැමිණිල්ලක් බාර නොගත්තා යැයි දයාසිරි මහතා කියන කතාව විහිලු කතාවක් එතුමා තවම ඉන්නේ විපක්ෂයේ වගේ කතා කරන්නෙ

නිකවැරටිය මගේ ආසනේ මෙහෙම දෙයක් තිනෙවනම් පොලිස්පති තුමාට පැමිණිළිකරන්න පුලුවන් ආරක්ෂක ලේකම් තුමාට ජනාධිපතිතුමාට පැමිණිලි කරන්න පුලුවන් මේක සම්පුර්ණ බොරුවක් මෙතුමා තවම විපක්ෂයේ මනසික තත්වයෙන් කතාකරන්නෙ මට මෙවා කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා මේ අයගේ ඔලුව තියෙන්නෙ වෙන තැනක කකුල් තියෙන්නෙ වෙන තැනක විපක්ෂයේදි කියනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැ කියලා. ආණ්ඩුවට ඇවිල්ලත් කියනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැ කියලා. විහිලු නෙමෙයිද?
ජනතාව ඡන්දෙන් පත්කර ගන්න ජනතා නියෝජිතයා සේවය කරන්න ඔනේ ජනතාවට ජනතාවගේ  ඡන්දයේ ගෞරවනීය බව රකින්න ඔනේ ඒ දේ තේරුම් අරන් මංත්‍රිවරු වැඩ කරන්න ඔනේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සඳහන් කරයි. පළාත් සභා මැතිවරණය පැවැති මාස 2ක් පුරාවට සිය පවුලට මඩ ගසමින් සිය ආධාරකරුවන්ට පහර දුන් අමාත්‍යවරයකු මෙම සිදුවීම පිටුපස සිටින බව කී ජොන්ස්ටන් අමාත්‍යවරයා මැතිවරණය නිමවීමෙන් පසුව හිරියාල, කුලියාපිටිය, කුරුණෑගල හා පඬුවස්නුවර වැනි ප්‍රදේශවල සිය ආධාරකරුවන් කපා කොටා පහරදීම්, ආධාරකරුවන්ගේ නිවෙස්වලට වෙඩි තැබීම් ගණනාවක් සිදුව ඇති බව ප්‍රකාශ කළේය. මැතිවරණය දිනූ පසුවත් එම පුද්ගලයන් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන්ගෙන් වෛරය, කේ‍රා්ධය පිරිමැසීමට යෑම තවදුරටත් ඉවසා සිටින්නේ ජනාධිපතිවරයා හා සන්ධානය වෙනුවෙන් බව හෙතෙම කීය.

No comments:

Post a Comment