Wednesday 25 September 2013

චමල් රාජපක්ෂට සුදුසුනම්,තමාගේ පුත් අනුරාධ ජයරත්න නුසුදුසු වන්නේ කෙසේදැ -අගමැති දී. මු


dm-jayarathna-mahinda
චමල් රාජපක්ෂ මහතා කැබිනට් ඇමැතිවරයකුව සිටිය දී, ඌව පළාතින් වැඩිම මනාප ගත් ඔහුගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට මහ ඇමතිකම දීම සුදුසුනම්, මධ්‍යම පළාතින් වැඩිම මනාප ගත් තමාගේ පුත් අනුරාධ ජයරත්න ටද මහ ඇමතිකම ලබාදිම නුසුදුසු වන්නේ කෙසේදැයි අගමැති දී. මු. ජයරත්න මහතා මාධ්‍යනි වේදනයක් නිකුත් කරමින් විමසා සිටී.
"වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක ධූරයෙන් පිදුම් ලත් චමල් රාජපක්ෂ මැතිතුමාගේ පුත්‍රරත්නය, ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් කළා. පෙර ගත් තීරණ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යම් පළාත් සභාවකින් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්ෂකයාට ප්‍රධාන අමාත්‍යධූරය ලබාදීමේ තීරණයේ කිසිදු වෙනසක් හෝ සංශෝධනයක් සිදුකොට නැහැ." යනුවෙන් අගමැතිවරයා සඳහක් කර තිබේ.

දිමූ ජයරත්න අගමැතිධුරයෙන් ඉවත් කරවා ගැනීමට ගත් උත්සාහ කිහිපයක්ම අත්හැර දැමීමට පසුගිය කාලයේදී රාජපක්ෂවරුන්ට සිදුවිය. විශේෂයෙන්ම අගමැතිවරයා අසනීපව විදේශගත්වීමට පෙර එවැනි බරපතල උත්සාහයක් ගත් නමුදු අගමැතිවරයා තම තනතුර අත්හැරීමට සූදානම් නොවුනි.

පසුව නැවත අගමැතිවරයා ලංකාවට පැමිණෙන්නේ තම පුත්‍රරත්නයට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් පොරොන්දු කරගෙනය. ඒ අතරේදි පැවැති මධ්‍යම පළාත් සභා මැතිවරණයෙන් අගමැති පුත්‍රයා වැඩිම මනාප ගැනීම රාජපක්ෂවරු යළි අර්බූදයකට දක්කා ඇත. ඒ මහ ඇමැතිධූරය සම්බන්ධයෙනි. මහ ඇමැතිධුරය සරත් ඒකනායක වැනි රාජපක්ෂ හිතවාදියකුට හැර රාජපක්ෂ විරෝධියකු අතට පත් කිරීමට රාජපක්ෂවරුන් කැමැති වන්නේ නැත.

නමුත් හිටපු මහ ඇමැතිවරයා වන සරත් එකනායකට මහ ඇමැතිධුරය නැවත ලබාදීම රජපක්ෂවරු ගන්නා උත්සාහය පරාජය කෙරුම සඳහා දැන් අගමැතිවරයා එළිපිට සටනට පිවිස ඇත. ශෂීට හොඳනම් මගේ පුතාට නොහොඳවන්නේ ඇයි දැයි විමසමින් මාධ්‍ය නිවේදන ගැසීම දක්වා අගමැතිවරයාට දැඩි තීන්දු ගැනීමට සිදුවීමෙන් රාජපක්ෂවරුන් හා ඇති විරසකයේ තරම තේරුම් ගත හැක.

පුතාගේ මහ ඇමැති දුරය වෙනුවෙන් තම අගමැති ධුරය පවා පරදුවට තැබීමට අගමැතිවරයා තීරණය කර ඇති බවටද වාර්තා විය. ඒ සරත් රත්නායකට තම පාර්ලිමේන්තු අසුන ලබා දී තම පුතුට මහ ඇමැති ධුරය ලබා ගැනීමය.

මේ අතරෙම දිමූ නැති පාර්ලිමේන්තුවේ අගමැති පු‍ටුව සඳහා දැඩි සටනක් ඇතිවීම ද වලක්වනු නොහැකි වනු ඇත. රාජපක්ෂ රෙජීමයේ ගිලෙන ලකුණු පසුගිය පලාත්සභා මැතිවරණය මගින් පෙන්නුම් කර ඇති නිසා ආණ්ඩු අභ්‍යන්තර ගැ‍ටුම් මේ මොහොතේ උත්සන්න වුවහොත් ඒ ආණ්ඩුව බිඳ වැටීමක් වුව පහසු කරවනු ඇති බව රාජපක්ෂවරු තේරුම් ගෙන ඇතිවට සැක නැත. මේ නිසා දිමූගේ රූපකාය පමණක් වුව පාර්ලිමේන්තුවේ තබා ගැනීම මේ මොහොතේ ආණ්ඩුවට වැදගත්ය.
එම නිසා පසුගිය මැතිවරණ ප්‍රතිපලය විසින් ආණ්ඩුව අර්බුධකාරීත්වයකට ඇද දමා ඇති බවද පැහැදිලිය.

No comments:

Post a Comment