අද 2013 සැප්තැම්බර් 3 වන දින කොළඹ පැවති ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශනය කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අවදානම් තත්ත්ව පහක් පිලිබඳ සඳහන් කරමින් " මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක්‍රියාවන්ද ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් " බව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍රකාශයක් ලෙස අද දින පැවති බොදු බල සේනා විධායක කමිටු රැස්වීමේදී දැඩි පැසසුමට ලක් විය.
වසරකට ආසන්න කාලයක් තුල බොදු බල සේනා සංවිධානය මුස්ලිම් අන්තවාදයක ඇති භයානක බව ප්‍රකාශ කරමින් මතවාදීව කරනු ලැබූ සටනේ වැදගත් ජයග්‍රහණයක් ලෙස මෙම ප්‍රකාශය බොදු බල සේනා පිලි ගනී. මෙම හෙලිදරුව් කිරීම් නිසා බොදු බල සේනා යනු ත්‍රස්තවාදී සංවිධානයක් බව ප්‍රකාශ කල ඊනියා දේශපාලනික නායකයින්ට හා අනෙකුත් බලවේග වලට මෙම ප්‍රකාශය නිසි පිළිතුරක් බව බොදු බල සේනා අදහසයි.
මීට වසර 40 කට පෙර දුරදර්ශිව LTTE අන්තවාදය හඳුනා ගත්තේ නම් වසර 30 ක යුද්ධයේ භයානක ප්‍රතිපල අත්නොවිද දියුණු රටක් වන්නට පුළුවන් කම තිබුණි අද මේ මුස්ලිම් අන්තවාදය හඳුනනොගතොත් තව වසර 20 කින් නැවත කණගාටුදායක පරිසරයක් ඇතිවිය හැකි බැවින් මෙලෙස කලින්ම මෙම අන්තවාදය ගැන හෙලිදරුව් කර ගැනීමට හැකිවීම ජාතියේ වාසනාවක් ලෙස සැලකිය යුතුය.
සත්‍ය ප්‍රකාශ කිරීම මේ රටේ දේශපාලකයින්ගේ හා නිලධාරීන්ගේ චර්යාවේ කොටසක් නොවන යුගයක හා තාවකාලික වාසි තකා වැඩ කරන යුගයක, පටු දේශපාලනික වාසි ගැන නොසිතා කොන්ද කෙලින් තබා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කල මෙම ප්‍රකාශයට අන්තවාදී නොවන සිංහල ජාතිය හා මුස්ලිම් , දෙමල ඇතුළු සියලු ජන කොටස් වල ගෞරවය හිමි විය යුතු බව බොදු බල සේනා විශ්වාසය පල කරයි . මුස්ලිම් අන්තවාදය ඇතුළු සියලුම අන්තවාදය පරදවමින් ශ්‍රී ලංකාව සාමකාමී රටක් බවට පත් කිරීමට නායකත්වය දීමට මුලාරම්භයක් ලෙස මෙම ප්‍රකාශය සැලකිය යුතු බව බොදු බල සේනා තවදුරටත් අවධාරනය කරනු ලබයි.
බොදු බල සේනා මාධ්‍ය නිවේදනය
No comments:
Post a Comment