Wednesday 20 November 2013

''චැනල් 4'' ශ්‍රී ලංකා මාධ්‍ය වෙත ""රෙජීමයේ ආස්වාදයක්"" ගැ න කියයි.



ආදරණීය ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් වෙත..!

අපගේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවේදී දිගින් දිගටම එල්ල වූ තර්ජන හමුවේ මුලින් සැලසුම් කළ දිනට පෙර රටින් බැහැරවීමට අප තීරණය කළ අතර බි්‍රතාන්‍ය බලා යන ගුවන් යානයේ සිට මෙය ලියමි. 

මා ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුල මා සහ අනෙක් චැනල්-4 හි මාගේ සගයින් හට ශ්‍රී ලංකාවේ පොලීසියෙන්, ආගමන විගමන නිලධාරීන්ගෙන් හා රාජ්‍ය බුද්ධි අංශ වලින් දිගින් දිගටම සිදුවූ බාධාකිරීම් නිර්භීත ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් වන ඔබ සැම තුල උපහාසය මිශ්‍ර කණගාටුවක් ඇතිකල බැව් මට හොඳාකාරවම දැණින.

මා මෙහි සඳහන් කරන්නේ රෙජීමයේ එවැනි තර්ජන ගර්ජන දිනපතාම අත්විඳින, එහෙත් පැමිණිලි කිරීමට හැකියාවක් හෝ තැනක් නොමැති, ඔබලා කරන්නා වූ කර්තව්‍යය කොතරම් අපහසු එකක්දැයි මට පසක්කර දුන් සැබෑ ජනමාධ්‍යවේදීන් ගැන මිස රෙජීමයේ බාධාකිරීම් බලා ආස්වාදයක් ලබන රෙජීමයට කරන වන්දිභට්ට කම් ශබ්ද නගා වර්ණනා කරන 'වාර්තාකරුවන්' ගැන නොවේ. 

රජයේ මාධ්‍ය මර්දනය
-------------------------
උණුසුම් සමකාසන්න පාරාදීසයක් වන ඔබලාගේ දිවයිනට පැමිනි බි්‍රතාන්‍යයේ අපටද රජයේ මාධ්‍ය මර්දනය නම් අධිශීත සුලඟ සජීවී ව අත්විදින්නට ලැබිණ.

අප රැගෙන උතුර බලා ගමන් කළ දුම්රිය නතර කෙළේ අපත් සමග ආ රාජ්‍ය බුද්ධි අංශ සාමාජිකයින්ගේ ඔත්තුවට අනුව රෙජීමයට පක්ෂපාතී උද්ඝෝෂන කරුවන් බැව් අප දනිමු. එසේම අප ලංකාවේ සිටි අවසාන දින කිහිපයේ අප යන යන තැන රජයේ බුද්ධි අංශ වාහන 5 කට වඩා අප පසුපස ආ බවත් සෙනසුරාදා දිනයේ (16) අප සම්මුඛ සාකච්ඡාවක් අවසන් කොට පිටතට එද්දී මොවුන් විසින් ගෙන්වූ මැරයන් පිරිසක් අපට ගල්ගැසූ බවත් අසන ජනමාධ්‍යකරුවන් වන ඔබ කණගාටුවන බව අපට ඒකාන්තයෙන්ම විශ්වාසය. 

රජයේ මාධ්‍ය දිගින් දිගටම මා සහ 'නෝ ෆයර් සෝන්' වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂනය කල මා මිත්‍ර 'කැලම් මැක්රේ' ව කොටි සංවිධානයට සහය දෙන්නන් යැයි දරුණු ලෙස ලෙස හුවා දක්වද්දී අප මෙන්ම ඔබ සැමත් එය පිළිකුලට ලක් කළා යැයි සැක නැත.

එසේම ඔබලාගේ ජනාධිපතිවරයා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට 'අවසරලත් මාධ්‍ය වේදීන්ගේ' නම් ලැයිස්තුවෙන් අපව ඉවත් කොට තිබූ බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය ප්‍රකාශකයා වන 'රිචඩ් ඌකු' සහ මාගේ ප්‍රවෘත්ති කර්තෘ 'ඛෙන් ඩි පියර්' විසින් වෙහෙස නොවලා ඔබලාගේ මාධ්‍ය අමාත්‍යවරයාට දිගින් දිගටම කළ පෙරැත්ත කිරීම් නොවන්නට අපට ඒ මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ඉඩ නොලැඛෙන බවද අසන ඔබට, එවෙලේ අපට ඇතිවූ පිළිකුලම දැනේදැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් පළමු දිනයකදී අතර මගදී හමුවූ අවස්ථාවේදී රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ තේ පැන් සංග්‍රහය හා සම්මුඛ සාකච්ඡාව නම් මට ලැබුනේ නැත. 

සිංහලයින්, දමිළයින් හා මුසල්මානුවන්
-------------------------------------------
අප පත්වූ කරදරකාරී තත්ත්වයන් ගැන ඔබලාට දුකක් සිතුනා නම් ඒ ගැන නොසිතන්න. අප කාර්ය භාරයේදී එවැනි කණගාටු දායක සිදුවීම් තිබුනද, ප්‍රීතිමත් සිදුවීම්ද නොතිබුනා නොවේ. සැබවින්ම අප ඔබලාගේ රටට දැඩිව ආදරය කරමු. මාධ්‍ය මගින් කුමක් වාර්තා කළද අපට ලංකාව තුල බොහෝ මිතුරන් සිටී.

බොහෝ සිංහල, දමිළ හා මුස්ලිම් ජනයා අප ගිය ස්ථාන වලදී රහසින් හෝ අපට සහයෝගය දැක්වූයේ අපද පුදුමයට පත්කරමිනි. නොයෙක් විට එය සිනහවක්, හස්ත මුද්‍රාවක් හෝ ඇස වසා කල ඉඟියක් විය.

මර්දනයෙන් යුක්ත ඒකාධිපති රාජ්‍යකදී අප පසුපස එන බුද්ධි අංශ සාමාජිකයින් කැමරාගත කිරීමට වඩා ජනමාධ්‍ය වෘත්තියේදී මා ඉමහත් සතුටට පත්වෙන දේවල් අල්පය. අපට කොළඹ යෝක් වීදියේ සී.අයි.ඩී මූලස්ථානය අසලදී ඒ අවස්ථාවද ලැබිණ.

එය මට ගඩාෆිගේ ලිබියාවේදී, සිම්බාබ්වේ හි දී, මියන්මාරයේදී, චීනයේදී, සිරියාවේදී හා සුඩානයේදී මා ලැබූ අත්දැකීම් සිහිගන්වන්නක් විය.

කෙසේවෙතත් රාජ්‍ය මර්දනයේ ඒජන්තවරුන් වන රාජයේ බුද්ධි අංශ සාමාජිකයින්ට කළ හැකි දේ සුළුවෙන් නොතකන ලෙස මම ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ට අවවාද කර සිටිමි.

සීමාවන් ඉක්මවා යෑම
------------------------
බි්‍රතාන්‍ය අගමැති හා රාජ්‍ය ලේකම් සහභාගීවන ප්‍රධාන ජාත්‍යන්තර සමුළුවක් අතරතුරදී බි්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදීන් වන අපට ඔබට නැති ආරක්ෂාවක් ලැඛෙන බැව් අප දනිමු. මට සහ කැලම් මැක්රේට ලංකාවට පැමිනීමට පෙර මරන තර්ජන ලැබුනද මේ මොහොතේ අප අත් අඩංගුවට ගැනීම, වධ බන්ධනයට ලක්කිරීම හෝ මරා දැමීම නුවණට හුරු නැති බැව් රෙජීමය තේරුම්ගන්නට ඇත. ඔබලාගේ ජනාධිපතිවරයා විසින් 'නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී' යැයි හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේදී, 'නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී' රටක කළ හැකි පරිදි, රෙජීමය අපට පනවා තිබූ සීමාවන් ඉක්මවා යෑම වැදගත් යැයි අප සිතන්නේ එබැවිනි. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් පොදු රාජ්‍ය මණ්ඩලීය වටිනාකම් සුරැකීමට බැඳී සිටිනවා යැයි නැවත නැවත කියයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහසද එයට ඇතුලත්ය. ඔහු එසේ 'ඇඟට නොදැනී' බොරු කියන්නේ කෙසේදැයි මට අදහාගැනීමට අපහසුය. 

ඔබලාගේ සමහර පුවත්පත් කර්තෘවරුන් හැසිරෙන්නේ දිගේලි කරන ලද එළුවන් මෙනි. රටේ රාජ්‍ය මාධ්‍ය උතුරු කොරියාව සිහි ගන්වයි. පසුගිය වසර 10 තුල ඔබලාගේ රටේ මාධ්‍යවේදීන් 9 දෙනෙකු වත් ඝාතනයට ලක් වී ඇති බව මම දනිමි. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන කලින් අනාවැකි පලවූ බව ඇසීම තරම් මට බිය ගෙන දුන් වෙනත් දෙයක් ඇත්නම් ඒ කිහිපයක් පමණි.

ප්‍රගීත් එක්නැලිගොඩ
----------------------
ප්‍රගීත්ගේ බිරිඳ පැහැරනීමට ලක්වූ ඇගේ සැමියා ඉන්නා තැනක් සොයා ගැනීමට තවමත් උත්සාහ කරනු ඇසීම මට දැඩි වේදනාවක් ගෙන එයි. ඔබ සැවොම ප්‍රගීත් ගැන අසා ඇති දේ මම ද විශ්වාස කරමි. එනම් ඔහු තවදුරටත් ජීවතුන් අතර නැති බවයි. 

නිව්යෝක් නගරය මූලස්ථානය කරගත් 'මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ සම්මේලනය' විසින් (අයිඑෆ්ෙජ්) ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස අතින් රටවල් 179 අතුරින් 162 වෙනි ස්ථානයේ තබා ඇති බවද මම දනිමි. 

රාජපක්ෂ සහෝදරයින් පිලිබඳ විවේචනාත්මකව ලිවීම ඔබලාගේ ජීවිතයට තර්ජනයක් වියහැකි බවත් අපට මෙන් නොව ඔබලාට හමුදාව ගැන නිදහසේ ලිවීමට ඉඩ නැති බවත් 'යුද්ධය' යනු ශ්‍රී ලංකාවේ විවේචනය කිරීමට තහනම් මාතෘකාවක් බවත් මම දනිමි. 

'දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ' (රිපෝටර්ස් විතවුට් බෝඩර්ස්) සංවිධානයේ වර්ග කිරීමට අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවන රාජ්‍ය අතුරින් පහලම මාධ්‍ය නිදහසක් පවතින්නේ ශ්‍රී ලංකාවේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් යැයි කීමම මහත් උත්ප්‍රාසයකි.


නමුත් මේ සියළු බාධා මැද්දේ තම රැකියාව නිවැරදිව කරන්නට සැබෑ ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් ගන්නා නිර්මාණාත්මක උත්සාහය මා ඉතා සතුටට පත්කරයි.

අගය කිරීම
-------------
එදා රාජපක්ෂ සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිංහල ජනමාධ්‍යවේදියෙක් නැගිට යුද අපරාධ චෝදනා පිලිබඳ ප්‍රශ්න කිරීම දැක මා ඉමහත් විශ්මයට පත්විය. අපි සියල්ලෝම ඔහු කළ දෙය දුටිමු. ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර අවධානය ඈත්වූ පසු ඔහුට කිසිදු කරදරයක් සිදු නොවේවායි මම ප්‍රාර්ථනා කරමි.

මම ඔබලාගේ රටේ ඉරිදා පුවත්පත් කියවමි. ලාංකික ජනමාධ්‍යවේදීන් කොතරම් දක්ෂව, නිර්මානාත්මකව වැඩ කරනවාදැයි මට පසක් වේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියෙක්ව සිටීම කොතරම් අපහසුදැයි මට සැබෑවටම වැටහේ. ඔබ යමකුගේ අදහස් උපුටා ලිවීම සමහරවිට ඔබේත් ඔහුගේත් ජීවිත අනතුරේ දැමීමක් විය හැක. එය සත්‍ය වශයෙන්ම අපහසු කටයුත්තකි. ජනමාධ්‍යවේදියෙක් ලෙස මට ඔබලා පත්වන තත්වය සිතා ගත හැකිය.

අවසානයේ ඔබ වැනි ජනමාධ්‍යවේදීන් හමුවීම මට යහපත් ආදර්ශයක්ම වූ බව කිවයුතුය. මෙවැනි මර්දනයක් මධ්‍යයේ ඔබලා කටයුතු කරන ආකාරයට මම ගරු කරමි.

-ජොනතන් මිලර් විසිනි- (සිංහල පරිවර්තනය -ලංකා ඊ නිව්ස්)

මුල් ලිපිය...But then again, to cast Sri Lanka as a parliamentary democracy is kind of stretching irony.

But for all the restrictions, I marvel at the inventive ways you find to bravely do your jobs.

I nearly fell off my chair in Rajapaksa’s presser yesterday when a Sinhalese journalist was the first to stand up and ask the president about war crimes allegations.

Admiration
--------------
We were all witnesses to what he did. I hope to God he’ll be OK once the spotlight’s off Sri Lanka once again.

I’m sitting writing this on the plane, having been forced, by threats to our security, to leave faster than we’d planned for.

I’ve been reading your Sunday papers. I understand how clever you are being, in the sometimes oblique ways in which you have to work.

I really understand how difficult it is. I understand the terrible dilemmas you must face when quoting people who themselves are putting their lives at risk. It’s really hard. I share your anxieties.

It was inspirational to have met you. We all admire you for the way you operate in the face of this repression.

උපුටා ගැනිම:- ලංකා ඊ නිවුස් වෙබ්  අඩවිය 

No comments:

Post a Comment