Wednesday 20 November 2013

බාලිකාවන්ට පුරුෂ ලිංගය පෙන් වූ හේතුව.......

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක් අසල ත්‍රිරෝද රථයක රැඳී සිටිමින් විදුහලේ සිසුවියන්ට පුරුෂ ලිංගය පෙන්වූ බව කියන සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙනිය මහත්මිය නියෝග කළාය.
පයාගල කැන්දගොල්ල ප්‍රදේශයේ චන්ද්‍රසිරි නැමැති මෙම සැකකරුට නියම කළ එම ශරීර ඇපයට අමතරව රුපියල් දසදහසක මුදල් ඇපයක් ද මහේස්ත්‍රාත්වරිය ඔහුට නියම කළාය.
ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් මේ සැකකරු දින විසි එකක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනීතා ඩයස් රාහුබද්ධ මහත්මිය කළ ඉල්ලීමකට අනුව සැකකරුට මෙසේ ඇප නියම කෙරිණ.

No comments:

Post a Comment