Sunday 24 November 2013

සරත් ෆොන්සේකාගේ අයවැය විග්‍රහය...

මෙවර අයවැයෙන් කිසිඳු සහනයක් ජනතාවට හිමිව නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
අපි දැක්කා විශ්‍රාම වැටුප් වැඩිකරලා තියෙනවාලු රුපියල් 450 කින්. එක දවසකට රුපියල් 15 යි. තේ කෝප්ප දෙකක් බිව්වොත් වැඩිකරපු විශ්‍රාම වැටුප ඉවරයි. මම දැක්කා අද පත්තරවල තියෙනවා හාල් මැස්සෝ වැඩිවෙනවාලු රුපියල් විසි තුනකින්. කිලෝ එකක්. කරවල වැඩිවෙනවාලු රුපියල් 16 කින්. ලූණු වැඩිවෙනවාලු යරුපියල් 6 කින් ජනතා සහනයක් ගැන කතා කරාට පැය හතලිස් අටක් යන්න ඉස්සර වෙලා ගැසට් නිවේදනයක් මගින් ජනතාවගේ ඔක්කොම පරිභෝජනයට ගන්න බඩු ටිකේ මිල වැඩි කරා
ඔහු මේ බව පැවසුවේ අද හාලිඇල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ය.
ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය සංවිධාන කළ මෙම ජන හමුව අද හාලිඇල ඇටැම්පිටිය ප්‍රදේශයේදී පැවැත් විය.
එහිදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ ය.
ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ද මෙහිදී අදහස් පළ කළේ ය.


No comments:

Post a Comment