Thursday 28 November 2013

රුසියානු තරුණියනට ශ්‍රී ලංකාව අපලයි ,තවත් රුසියානු තරුණියක දුෂණය කරයි ..

ශ්‍රී ලංකාවට පැමිණි තවත් රුසියානු සංචාරක කාන්තාවක් දූෂනය කර තිබේ. සිය සැමියා සමග පැමිණ ඇති සංචාරක කාන්තාව දූෂනයට කර ඇත්තේ තමා නවාතැන්ගෙන සිටි හෝටලයේදීම එහි සේවකයෙකු විසිනි.

හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි මෙම රුසියානු යුවලේ රුසියානු ජාතික සැමියා හෝටලයෙන් පිටතට ගොස් සිටියදී හෝටල් සේවකයා විසින් කාන්තාව දූෂණයට ලක්කර ඇතැයි ඇගේ සැමියා විසින් හබරාදූව පොලිසියට පැමිණිලි කොට තිබේ.

හෝටල් සේවකයා දහනම හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. 

මෙම තිරිසන් කි්‍රයාව යටගසා දැමීමට හබරාදුව පොලිසිය ක්‍රියා කරමින් සිටී. මෙම සිදුවීම වසන් කරන්නැයි එහි ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මීට ඉහත රුසියානු ජාතික තරුණියක් වූ වික්ටෝරියා තම පෙම්වතා වූ කුරාම් ෂෙයික් නම් බි්‍රතාන්‍ය ජාතිකයා සමග තංගල්ල හෝටලයක නවාතැන් ගෙන සිටියදී තංගල්ල ප්‍රාදේශීය සභාපතිවරයා සහ මැරයන් විසින් පෙම්වතා ඝාතනය කර වික්ටෝරියා නම් රුසියානු තරුණිය සමූහ දූෂනයට ලක් කළහ. සමූහ දූෂනය පිලිබඳව කිසිදු පරීක‍ෂණයක් සිදු නොකෙරුණු අතර ඝාතනය ගැන පමණක් පරීක‍ෂණයක් සිදුකෙරිණ.

No comments:

Post a Comment