Sunday 24 November 2013

පාසල් සිසුවියට අමානුෂික ලිංගික අපයෝජනයක් කල කම්පියුටෙර් ''ගුරා''...

ගාල්ල, හාලිවල ප‍්‍රදේශයේ නිවසකට ඇතුළුවී 13 හැවිරිදි පාසල් දැරියක බරපතල ලිංගික අපයෝජනය කළ පාසල් ගුරුවරයකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගස් බැද පොලිසියට භාරදී තිබේ.
ඊයේ අළුයම 1.00ට පමණ මෙම ගුරුවරයා දැරියගේ නිවසට පැමිණ ඇත. නිවසේ සිට ඇත්තේ දැරියගේ මව හා සියා පමණි. දැරිය නිවසේ වෙනම කාමරයක සිටින අතර ගුරුවරයා දැරියගේ කාමරයෙන් පිටව යන අවස්ථාවේදී මව අවදි වී සිටිනු දැක නිවසින් පැනයාමට උත්සාහ කොට ඇත. එහිදී ‘හොරෙක් හොරෙක්’ කියා මව කෑගසා තිබේ.
මෙහිදී ප‍්‍රදේශවාසින්ද පැමිණ සැකකාර ගුරුවරයා අල්ලා ගස් බැඳ පොලිසියට භාරදී තිබේ. 48 හැවිරිදි සැකකාර ගුරුවරයා අක්මීමන, හියාරේ පාසලක උගන්වන පරිගණක ගුරුවරයෙකි. දැරිය ගාල්ල ප‍්‍රදේශයේ පාසලක අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියෙකි.
මෙම දැරිය පරිගනක ඉගෙන ගැනිම සදහා මෙම ගුරුවරයාගේ පංතියකට ගොස් ඇත. එහිදි ගුරුවරයා දැරිය සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබේ. ගුරුවරයා ගාල්ල හපුගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු හපුගල සිට දැරියගේ නිවසට රාති‍්‍ර කාලයේදි පැමිණ අවස්ථා තුනකදී මේ අයුරින් දැරිය අපයෝජනය කර ඇත.
(ලලිත් කන්කානම්ගේ-ගිංතොට/ සමන් කුමාර-බුස්ස)

No comments:

Post a Comment