Sunday 24 November 2013

චෝගම් නැති කෙරු තවත් කතාවක් ,දෙහිවලින් ...

දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව ජවිපෙ දෙහිවල-ගල්කිස්ස නාගරික මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ සහෝදරිය පවසයි.‍ ආණ්ඩුවේ නාස්තිකාර චෝගම් නාඩගමට වැයවූ අතිවිශාල ධනස්කන්ධය නිසාවෙන් සේවකයන්ගේ වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් නගර සභාවට ලබා දියයුතු මුදල් මේ වන විටත් නොලැබී ඇති බැවින් නගරසභා ස්ථිර තැන්පතුවෙන් රැපියල් මිලියන 40ක අයිරාවක් (ණයක්) ගැනීමට නගරාධිපතිවරයා සූදානම් වේ. ජනතා සේවයට යෙදවිය යුතු මහජන මුදල් මෙසේ චෝගම් නාස්තිකාර වියදම් පියවා ගැනීමට සූදානම් වීම පිළිබඳව පසුගියදා නගරසභා මුදල් කමිටුවේදී සමන්මලී ගුණසිංහ සහෝදරිය දැඩි ලෙස විරෝධය දක්වා ඇත.

No comments:

Post a Comment