Monday 25 November 2013

''සේනා'' විසිවෙයි,සෝභිත අමිල හිමිවරු ,හෙළ උරුම නායක ,එකම සන්ධානයක...?

කැසිනෝපනත (සංශෝධිත) මුළුමනින්ම හකුලා ගන්න ලෙස බලකරමින්, මාදුළුවාවේ සෝභිත හා කථිකාචාර්ය දඹර අමිල යන හිමිවරුන්ගේ මුලිකත්වයෙන් 'කැසිනෝ විරෝධී ඒකාබද්ධ පෙරමුණක්' ගොඩනැගීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
මෙහි මුලික විරෝධතා මෙහෙයුම දෙසැම්බර් මස 05 දා ආරම්බ කොට, කැසිනෝපනත මුළුමනින්ම හකුලා ගන්න බවට ජනාධිපතිවරයා මහ නාහිමිවරුන් ප්‍රමුඛ  ආගමික නායකයින් හමුවේ සහතිකවී, එය ඉරා දමන තෙක් මෙම කැසිනෝ විරෝධී සටන ජිවිත පරිත්‍යාගයෙන් යුතුව පෙරට ගෙන යාමට එහි සංවිධායකයින් තීරණය කර ඇතැයි ද පැවසේ.
මෙම 'කැසිනෝ විරෝධී ඒකාබද්ධ පෙරමුණට' ජාතික හෙළ උරුමය එක්කර ගැනීමටත්, එහි මෙහෙයුම් මණ්ඩලයට එම පක්ෂයේ නායක පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එක්කර ගැනීමටත් ඉදිරි දින කිහිපයෙහි සාකච්ජා පැවැත්වීමට නියමිත බවද  වාර්තාවේ.

No comments:

Post a Comment