Wednesday 20 November 2013

ශ්‍රී ලංකා පොලිසියට ආපු අලුත්ම් නියෝජ්‍ය මුහුණු හය...?

ජේ්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරීවරු හය දෙනෙකුට අද හෙටම නියෝජ්‍ය පොලිස්පතිධූර ලබාදී ඇතැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය පවසයි.
එසේ උසස් වීම් ලැබීමට සුදුසුකම්ලබා සිටින ේජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතර පොලිස් මූලස්ථාන අධ්‍යක්‍ෂ මැක්සි පොක්ටර්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ගාමිණී මතුරට , රත්නපුර කොට්ඨාශයභාර පොලිස් ප‍්‍රධානී ජයන්ත වික‍්‍රමසිංහ, පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිළධාරී යූ.කේ.දිසානායක , රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රොහාන් ඩයස් සහ ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂ සම්සුදීන් යන නිළධාරීන් සිටින බව සදහන්ය.
නියෝජ්‍ය පොලිස්පතිවරු තෝරා ගන්නට සම්මුඛ පරීක්‍ෂණ ඉකුත් 28 වෙනිදා පැවැති අතර ඊට සහභාගි වන්නට නිළධාරීන් 25 දෙනෙකුට අවකාශ තිබුණත් සහභාගිවීමට හැකිවූයේ නිළධාරීන් 12 දෙනෙකුට පමණි. එ් අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණකර සිටියේ නිළධාරීන් 12 දෙනෙක් පමණක් වන බැවිණි.

No comments:

Post a Comment