Thursday 28 November 2013

ගෝඨාභය ඉතාලියට ගිය හොර ගමන ගැන ආණ්ඩුව කියන කතා සියල්ල බොරු: මෙන්න ඇත්ත..!------ පාප් වහන්සේ වෙනම හමුවීමක් දුන්නේ නෑ: ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය හමුවීමක් දුන්නෙත් නෑ

උපුටා ගැනිම :- ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය 



ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ රහසිගත ඉතාලි සංචාරය සම්බන්ධයෙන් රෙජීමය විසින් ප්‍රකාශ කරන ලද සියලූ කතා අමු පට්ට පල් බොරු වන අතර ඔහු ඉතාලියේ 'සැන් මරීනෝ' වෙත ගොස් රහස් ගිණුමක් අරඹා තම කළු සල්ලි තැන්පත් කළ බව ලංකා ඊ නිව්ස් විදෙස් තොරතුරු සේවය වෙත හෙළි වී තිබේ.

ගෝඨාභයගේ රහසිගත සංචාරය ගැන 'ලංකා ඊ නිව්ස්' හෙළි කිරීමෙන් පසුව රෙජීමය කීවේ ගෝඨාභය ඉතාලියට පැමිණියේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට බවත් ඔහු පැමිණියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස බවත් ය.

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයකි. තම හොර සල්ලි තැන්පත් කිරීමට පැමිණි රහස් ගමන හෙලි වීම නිසා කරන ලද ජනතාව මුලා කිරීමකි. ඊට හේතු මෙසේය.

• කිසියම් රටකින් පාප් වහන්සේට ආරාධනා කිරීමේ වතිකානුව පිළිගන්නා ක්‍රමවේදයක් තිබේ. ඒ අනුව එම රටේ අගරදගුරු ප්‍රමුඛ කිතුණු සභාව විසින් ආරාධනා කළ යුතුය. නැතහොත් අදාල රටේ තානාපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන්ට අනුකූලව ආරාධනා කළ යුතුය. නැතහොත් මේ ක්‍රියාමාර්ග දෙකම අනුගමනය කළ යුතුය.

මෙහිදී මේ කිසිවක් සිදුව නැත. අඩුම ගණනේ පාප් වහන්සේ ගේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිගේ විශේෂ නියෝජිතයා යයි කියා ගත් ගෝඨාභය රාජපක්ෂට ඇපොයින්මන්ට් එකක්වත් ලබා දී නැත. ඔහු පාප් වහන්සේ හමුවූයේ සාමාන්‍ය මහජනයා හමුවන බදාදා දිනයේදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෝලිමේ ගොසින් ය. එහිදී තම තුටු පඩුරු පාප් වහන්සේට පූජා කළ හැකි නමුත් ඔහු සමග සාකච්ඡා කිරීමට ඉඩක් නැත.

පාප් වහන්සේ හමුවීමට ගෝඨාභය සමග ශ්‍රී ලංකා රෝම තානාපති බැනට් කුරේ හෝ ගොස් නැත. එසේ ගියා යයි කියන්නේ බොරුවකි. පාප් වහන්සේ හමුවීමට රෝමයේ සිටින පියතුමෙකුගේ උදව් ගැනීමට උත්සාහ කළද එම පියතුමාටද එය ඉටු කර දීමට නොහැකි වූ අතර අඩුම ගණනේ එම පියතුමා හෝ ගෝඨාභය සමග වතිකානුවට ගියේ නැත.

පාප් වහන්සේට ආරාධනා කිරීමට විශේෂ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් යැවීමට බුද්ධාගමේ ගෝඨාභය වැනි ලේකම් වරයෙක් නොවන රජයේ වගකිව යුතු කිතුණු ලබ්ධික කැබිනට් ඇමැතිවරයෙකු හෝ යැවිය යුතුය. නොඑසේව එහි සම්ප්‍රදායන් හෝ නොදන්නා යුද අපරාධ වලින් දෑත් වල ලේ ගෑවී ඇති බවට චෝදනා ලත් පාපී අබ්බයෙක් යැවිය යුතු නොවේ. එය පාප් වහන්සේට ද කරන ලද අපහාසයකි.

පාප් වහන්සේ හමුවූ ඒ ඒ රටවල විශේෂ නියෝජිත වරුන්ගේ හමුවීම් පිලිබඳ වතිකානුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන 'ඔසර්වතෝරේ රොමානෝ' නම් ප්‍රකාශනයේ ඡායාරූප සහිතව පළකරන නමුදු ගෝඨාභය විශේෂ අමුත්තෙකු ලෙස 20 දා පාප් වහන්සේ හමුවී ආරාධනා කළා යැයි කීවද 'ඔසර්වතෝරේ රොමානෝ' ප්‍රකාශනයේ පසුගිය සතිය පිලිබඳ කලාපයේ එවැනි හමුවීමක් ගැන හෝ ආරාධනාවක් ගැන කිසිදු සඳහනක් නැත. ඒ ඔහු පාප් වහන්සේ හමුවූයේ සාමාන්‍ය පුද්ගලයන් හමුවන ආකාරයෙන් වීම නිසා ය.

ගෝඨාභය ගේ ආරාධනාව පාප් වහන්සේ පිලිගත් බවත් ලබන වසරේ මුල් මාසයේදී ලංකාවේ සංචාරයක යෙදෙන බව ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය විසින් ප්‍රචාරය කළද එය අමූලික අසත්‍යයකි. පාප් වහන්සේගේ මාධ්‍ය අංශයෙන් 'ලංකා ඊ නිව්ස්' විසින් විමසා සිටි අතර එවැනි සංචාරයක් ගැන මෙතෙක් කිසිදු තීරණයක් නැතැයි ඔවුන් අප වෙත දන්වා එවා ඇත.

• මේ අතර ගෝඨාභය හමුවීමක් ඉල්ලා ඉතාලි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරන ලද ඉල්ලීමද එම අමාත්‍යාංශය මගින් ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා හෝ පැමිණ හමුවීමක් ඉල්ලා සිටියේ නම් සලකා බැලිය හැකි වුවද ලේකම්වරයා සමග හමුවීමක් අවශ්‍ය නැතැයි ඔව්හු දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් ඉතාලි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු 'ලංකා ඊ නිව්ස්' වෙත දීර්ඝ පැහැදිලි කිරීමක් කෙළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා පැමිණිය හැකි යැයි ද ඊට පෙර ජාත්‍යන්තර යුද අධිකරණය වන නෙදර්ලන්තයේ ඇති ඒ.අයි.ඒ. හි සහ ජර්මනියේ ඇති ලෝක ත්‍රස්තවාදී සංවිධාන වර්ගීකරණ ආයතනයේ එල්ටීටීඊ ය පිලිබඳ පැමිණිලි කරන්නැයි 2008 දී ශ්‍රී ලංකාවට දන්වා සිටියද ඔවුන් ඒ පිලිබඳ තැකීමක් කෙළේ නැතැයි ද දැන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අපව හමුවී පලක් නැතැයි ද පමා වී වැඩි යැයි ද ඉතාලි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය. 2009 වසරේ ජූලි මාසයේදී ඉතාලි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාව ගොස් මේ පිලිබඳ දැනුවත් කළද ඔවුන් ඒ කිසිවක් පිලිනොගත් බවද ඔහු වැඩි දුරටත් කීය.

"අනෙක් අතට දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එල්ටීටීඊ ත්‍රස්තවාදී කොටස් සමග එක්ව ක්‍රියා කරනවා. එවිට එල්ටීටීඊ ත්‍රස්තවාදයට විරුද්ධව සිටි දෙමළ කණ්ඩායම් වලට ඒක ප්‍රශ්නයක් වනවා නොවේදැ"යි ඔහු ප්‍රශ්න කෙළේය. "ඉතාලියට ආ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් වරයාගේ උනන්දුව තිබුනේ 'සැන් මරීනෝ' වෙතයි. ඒ සියල්ල අප දන්නවා" යි ඔහු සිනහා වෙමින් කීවේ ය.


No comments:

Post a Comment