Wednesday 20 November 2013

සජිත් විසි වෙයි,රවී කරුණානායක නියෝජ්‍ය නායකයා වෙයි.............?

 එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස තමා පත්කරන ලෙස රවී කරුණානායක මහතා පක්ෂ නායකත්වයට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බවද එජාප ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නිලධාරී මණ්ඩලය මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් අහෝසි වන අතර, ව්‍යවස්ථානුකුලව ඊට පෙර 2014 වර්ෂයට අදාළ නිලධාරී මණ්ඩලය, පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් නිර්දේශකර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යොමු කල යුතුය.
ලබන වසරේදී ජාතික මැතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින හෙයින් ඊට මුහුණදීම සඳහා පක්ෂයේ සිටින තරුණයින් කිහිපදෙනෙකු නව නිලධාරී මණ්ඩලයට හා කෘත්‍යධිකාරී මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පැවසේ.
' ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවන පරිදි, රෝසි සේනානායක, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, 'සමගි බලවේගයේ' කැඳවුම්කරු වන, හිටපු සේනානායක මන්ත්‍රී දිනේෂ් දොඩන්ගොඩ මෙන්ම හිටපු ආරක්ෂක අංශ ප්‍රබලයින් කිහිපදෙනෙකුද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට එක්වීමට නියමිතය.
පක්ෂයේ ව්‍යවස්ථාව අනුව, සභාපති, මහ ලේකම් සහ භාණ්ඩාගාරික පත් කිරීමේ බලය ඇත්තේ පක්ෂ නායකයාටය. ඒ අනුව, දැනට සභාපති ධුරයේ වැඩබලන කබීර් හෂීම් මහතා සභාපති ලෙස පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ජාතික සංවිධායක ධුරය සඳහා මංගල සමරවීර මහතාත්, භාණ්ඩාගාරික ලෙස ගමගේ මහතාත් පත්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

No comments:

Post a Comment